Skip to content
Home » දෙවැනි විවාහය – කෙටි කතාවකි

දෙවැනි විවාහය – කෙටි කතාවකි

    (දෙවැනි විවාහයකින් ලද දායාදයක කතාව..)

    “ඇයි ඔයා දරුවෙකුත් ඉද්දි එයාගෙන් වෙන් වුණේ..?”

    කාව්‍යගෙන් මම ඇහුව…

    “අනේ එයා හැමදාම බොනව..බීල ඇවිත් මම එක්ක රණ්ඩු කරනව…සමහර දවසට මට ග/හ/න/ව..ඒකයි අයින් උණේ….”

    කාව්‍යා කිව්ව…ම⁣ගෙ කළින් බිරිඳ රිය අනතුරකින් මිය ගිහින් දැන් ගොඩක් කල්..ඇගේ මරණෙන් පස්සෙ වෙනත් විවාහයක් ගැන මම හිතුවෙ ම නැහැ..දැන් මට වයස අවුරුදු හතලිහට ආසන්නයි..අක්කලගෙ සහ අම්මගෙ බල කිරීමට විවාහ යෝජනාවක් විදියට පළවෙනි විවාහයෙන් වෙන් වෙච්ච කාව්‍ය මට හඳුන්වා දුන්න…ඇයට පෙරපාසල් වියේ දුවෙකුත් ඉන්නව….

    “ඔයාට මගෙ දුව ද ප්‍රශ්ණෙ..?”

    කාව්‍ය ඇහුව…

    “අනේ නෑ…මම ආයෙත් මැරි කරන්න හිතුවෙ නැහැ…ඒකයි තාමත් වචනයක් නොදුන්නෙ..”

    මම කිව්ව..

    ටික කාළයක් කාව්‍යත් මමත් ආශ්‍රය කළා..ඇය හොඳ කෙනෙක් කියල මට දැනුන..

    “මැරිච්ච එ/කී ගැන හිතල වැඩක් නැහැනෙ..දැන් මේ ලැබිච්ච කෙ/ල්/ල කසාද බැඳල සතුටින් ඉන්න බලන්න..”

    අම්ම කිව්ව..මම නිහඬව හිටිය..ඒත් කාළයක් ආදරේ කරල විවාහ වෙච්ච ඇය තාමත් මගෙ හිතේ ඉන්නව..කොහොම නමුත් මම කාව්‍යා එක්ක විවාහ වෙන්න හිත හදාගත්ත..මියගිය ඇය නැති පාළුව කාන්සිය කාව්‍යාගෙන් පිරෙන බව මට තේරුණා…ඈ මට ආදරේ බව මට හොඳටම වැටහුණා..ඒ නිසා මම මේ විවාහයට එකඟ වුණා..

    “ඔයා මගෙ දුවට වෙනසක් කරන්නෙ නැහැ නේද..?”

    කාව්‍යා ඇහුව.

    “මම ඒ දරුවට වෙනස් කම් කරන්නෙ කොහොමද..?”

    මම කිව්ව…

    ටික දවසක් ගත වුණා…අපේ හිත් තවත් ටිකෙන් ටික බැඳුණා…මියගිය මගේ බිරිඳ ආයෙත් මගෙ ළඟට ඇවිත් කියල මට හිතුණ…

    “අම්මෙ මම කාව්‍යා ව මැරි කරන්න කැමතියි..”

    මගේ වචනෙ දුන්න..අම්ම වගෙම අක්කලත් සතුටු වුණා..

    “මම බයේ හිටියෙ මුළු ජීවිත කාළෙම කල්පණා කර කර පි/ස්/සෙ/ක් වගෙ ඉඳියි කියල..”

    අම්ම කිව්ව…

    ළඟම යෙදුන සුභ දවසක අපේ විවාහය සිද්ධ වුණා..ඒත් උත්සව ගත්තෙ නැහැ…දැන් කාව්‍යා අපෙ ගෙදර…ඇගේ දුව අපේ දුව වුණා..ඇය කටපුරා මට තාත්ත කියල කතා කළා..ඒ නිසා මට ඈ මගෙ ම දුවක් බව දැනුන..කාව්‍යා සහ දුව නිසා දැන් අපෙ ගෙදර එළිය වෙලා…අම්මත් ඉන්නෙ හරිම සතුටින්..මගෙත් පාළුව කාන්සිය නැති වෙලා ගියා..

    “මම හිතුවෙ නෑ මට මෙච්චර සතුටින් ඉන්න ලැබෙයි කියල..”

    පැත්තක නිදාගෙන ඉන්න දුව දිහා බලල මම කිව්ව…

    “පහුවෙලා හරි නියම කෙනා ජීවිතේට එනවලු නේ..”

    කාව්‍යා කිව්ව…මම ඇයව ආදරෙන් තුරුළු කරගත්ත…ඒත් ඒ හැම වෙළාවක ම මගෙ මියගිය බිරිඳ මට මතක් වුණා..ඒත් මම ඒ බව කා එක්ක වත් කිව්වෙ නැහැ…

    “මේ කාව්‍යාගෙ අලුත් මහත්තය නේද…?”

    නාඳුනන කෙනෙක් දවසක් මගෙන් ඇහුවෙ ටවුමෙදි…

    “හ්ම්…ඔව්..ඔයා කව්ද..?”

    මම ඇහුව…

    “මම ද..? මම තමයි කාව්‍යාගෙ පරණ හස්බන්ඩ්..”

    ඔහු කිව්ව..ඒත් මට බය වෙන්න අවශ්‍යතාවක් තිබුණෙ නැහැ…

    “ඔයා කොහොමද දන්නෙ මමයි කාව්‍යාව මැරි කළේ කියල?”

    මම ඔහු ව හඳුනන්නෙවත් නැති නිසා ඇහුව…

    “ඒවගෙන් වැඩක් නෑ…ත/මු/සෙ පරෙස්සම් වෙනව..”

    ඔහු තර්ජනය කළා කියල මට හිතුණ..

    “පරෙස්සම් වෙන්න..? කාගෙන්ද..?”

    මම ඇහුව…

    “බයවෙන්නෙපා…මගෙන් නෙමෙයි ගෙදර ඉන්න ගෑ/ණි/ගෙ/න්…මම බීමට ඇබ්බැහි වුණේම ඔය ගෑ/ණි නිසා..”

    ඔහු හිනා වෙමින් කිව්ව….මම සද්ද නොකර ඔහු දිහා බලන් හිටියා…

    “⁣ත/මු/සෙ/ට මම විස්තර කිව්වොත් මම ඒ/කි එක්ක තරහට කියනව කියල හිතයි..ඒ නිසා මම මොකුත් කියන්නෙ නෑ..පහුවෙද්දි ත/මු/සෙ/ට ම තේ⁣රෙයි..අන්න එදාට මාව මතක් වෙයි..”

    කියපු ඔහු මගේ උරහිසට තට්ටු කරල යන්න ගියා..මට ඒ ගැන නිතර මතක් වුණත් ඔහු හමු වෙච්ච බවක් කාව්‍යාට කිව්වෙ නැහැ..

    “ඔයාගෙ කළින් මහත්තය ඉස්සර ඉඳලම බිව්ව ද..?”

    කතා කරන අතර තුර මම නිකමට වගෙ කාව්‍යා ගෙන් අහුව..

    “හ්ම්..ඉස්සර අඩුයි හැබැයි පස්සෙ නිතරම බොන්න ගත්ත..”

    ඇය උත්තර දුන්න…

    “ඇයි ඉතින් බීල ආවම රණ්ඩු කළේ…?ඔයා එයාට බනින්න ඇති..එතකොට එයා තරහ ගන්න ඇති..”

    මම අනුමාන කළා…

    “නැහැ…බීල ඉන්න වෙලාව⁣ට මොනවත් කතා කරල වැඩක් නැති බව මම දන්නව..එයා මම සැක කළා..එක එක මි/නි/ස්/සු පාවල දි දී රණ්ඩු කළා..සමහර දවසට මට හොඳටම ගැ/හු/ව..”

    කාව්‍යා ඒ දේවල් මතක් කළෙත් බයෙන් වගෙ…

    “ඇයි එක පාරටම පරණ දේවල් අහන්නෙ..?”

    කාව්‍යා ඇහුව..

    “න් නෑ..නෑ..මං මේ නිකමට ඇහුවෙ..”

    මම කිව්ව..ඒත් ඇය කිව්ව දේවල් ඇත්තම නෙමෙයි ද කියලත් මට හිතුණ…ඇගේ කළින් සැමිය සමහර විට කේන්තියෙන් මට අර වගෙ කතාවක් කිව්ව වෙන්නත් ඇති..තවත් ඒ ගැන නොහිත ඉන්න එක හොඳයි කියල මට හිතුණ…

    කාළයක් ගත වුණා..මගෙ හිත රිදෙන කිසිම දෙයක් කාව්‍යා කළේ නැහැ…දුවත් අපි එක්ක ම හැදුන…අපි තුන් දෙනා දැන් හරි ලස්සන පවුලක්…

    “කාව්‍යා තාම ත/මු/සෙ එක්ක ඉන්නවද..?”

    ආයෙත් දවසක කාව්‍යාගෙ කළින් සැමිය හමුවුණා..

    “හ්ම්…ඔව් ඇයි මොකක්ද ත/මු/සෙ/ට තියන ප්‍රශ්ණෙ..?”

    මමත් ඔහුගෙ විලාශයට ම කතා කළා..

    “හ්ම් බලමු බලමු කොච්චර කල් ඉඳී ද කියල..මම එක්කත් අවුරුදු තුනක් විතර හිටිය නෙ..”

    ඔහු කිව්වෙ පාච්චල් ස්වරයෙන්…

    “තරහට මෙහෙම කියනව ඇති..”

    මම හිතුව..මම කාව්‍යා තදින් ම විශ්වාස කළා…ඔහුගෙ බීමත් කම නිසා දික්කසාද වුණත් ඔහු වරද පැටෙව්වෙ කාව්‍යාට…වරදක් කළ ඔහු අදටත් ඒ වරද පිළිගන්නෙ නැහැ…ඒ ගැන පසුතැවීමකුත් නැහැ..නමුත් ආයෙත් මම කාව්‍යාගෙන් මේ විස්තර ඇහුවෙ නැහැ…මමත් ඔහු වගේම ඇය සැක කරන බව කාව්‍යා අනුමාන කරයි…ඒ නිසා හැමදේම හිතේ තියන් පාඩුවෙ හිටිය..

    දවසක් මම වැඩ ඇරිල එද්දි කාව්‍යා ගේට්ටුව ළඟ කව්දෝ එක්ක ලොකු කතාවක්…මේ බව දවස් කීපයක් ම මම දැක්ක..ඒ දවස් ගණනාවෙම මම එනව දැකපු ගමන් ඒ කෙනා යන්න ගියා..ඒත් මම ඒ ගැන ඇහුවෙ නැහැ…

    “කව්ද ඒ..?”

    එදා මම ඇහුව…

    “ම්…මගෙ යාළුවෙක්..”

    ඈ උත්තර දුන්න..

    “ඔයාට මම නොදන්න යාළුවො මෙහෙ කොහෙන්ද..?ඒකත් පිරිමි යාළුවෙක්..?”

    මම ඇහුව…

    “ඔයාටත් මම සැකයි ද..?”

    ඇය ඇහුවෙ අඬන්න වගෙ…

    “සැකේකට නෙමෙයි..දැන ගන්න ඇහුවෙ..”

    “මම ඉස්සර ඉඳන් අඳුනන කෙනෙක්‍..”

    ඇය ඉවත බලාගෙන උත්තර දුන්න…

    “හ්ම්..”

    මම ආයෙත් ඒ ගැන ඇහුවෙ නැහැ…

    “පුතේ මෙයා හමුවෙන්න නිතර නිතර කව්දෝ එනව..”

    අම්ම මට කිව්වෙ කාව්‍යා නැති තැන…

    “ගෙදරට ම එනවද?”

    මම ඇහුව..

    “නෑ පුතෙ ගේට්ටුව ළඟට තමයි…”

    මම දැකපු දේ නිතර නිතර වෙලා වගෙයි..මට සැක හිතුණ බව දැනගත්ත කාව්‍යා දැන් මම එන වෙලාවට ගේට්ටුව ළඟට නොයා හිටිය වෙන්නත් ඇති….

    “ඇත්තටම කව්ද මෙහෙ ඔයාට ඉන්න යාළුව..?”

    මම ආයෙත් දවසක ඇහුව…

    “ඔයා එයාව දන්නෙ නෑ..”

    කාව්‍යා උත්තර දුන්න…

    “දැනගන්න හරි නැති වෙන්න හරි කව්ද කියල කියන්නකො..”

    මම බල කළා…

    “පිරිමි හැමෝම එකයි..කොයි වෙළාවෙත් සැකෙන්මයි බලන්නෙ..”

    ඈ මට වැරදි කිව්ව…

    “සැකේකට නෙමෙයි අහන්නෙ..යාළුවෙක් නම් ගෙදරට ඇවිත් කතාකරල යන්න කියන්න..මටත් අඳුන්වල දෙන්න..ඔහොම ගේට්ටුව ළඟ කතා කර කර ඉන්නව දකින ගමේ අය ඊට පස්සෙ තැන් තැන් වල කියන්නෙ වෙන කතාවක්..”

    මම පැහැදිලි කළා..

    “එක එ/කා මොනව කිව්වත් මට මොකද..?”

    කාව්‍යා කිව්ව..

    “ඔයාට මොකුත් නැතුව ඇති ඒ වුණාට එක එ/කාගෙ කතා ඇහෙනකොට අපිට අවුල්..”

    මම කිව්ව…

    “අනික යාළුවෙක් නම් මට අඳුන්වල දෙන්න බැරි කමක් නැහැනෙ…ඒ විදියට කරන්න බැරි නම් ආයෙ ගේට්ටුව ළඟ කුටු කුටු ගගා ඉඳල මට අහුවෙන්නත් බෑ ආරංචි වෙන්නත් බෑ..”

    මම අවවාද කළා..ඈ නිහඬ වුණා…

    දවස් ගණනක් නිසොල්මනේ ගෙවිල ගියා…ආයෙ මම කාව්‍යා එක්ක ඒ ගැන කතා ක⁣⁣ළේ නැහැ..ඒත් හැන්දෑවක මම ගෙදර එද්දි අම්ම වගෙම කාව්‍යාත් කව්දෝ එක්ක වැරැන්ඩාවෙ ලොකු කතාවක්..

    “ආ…මේ තමයි මගෙ මහත්තය..”

    කාව්‍යා පැමිණ සිටි තැනැත්තාට මම හඳුන්වා දුන්න…ඔහු එහා ගමට ආසන්නව හිටපු කෙනෙක්…මම කළින් ඔහුව දැකල තියනව..ලොකු හැඳුනුම් කමක් නැති නිසා නමක් දන්නෙත් නැහැ…

    “ආ..මම මෙයාව දැකල නම් තියනව..”

    මමත් සුහදව කතා කළා..

    “මේ තමයි මගෙ යාළුව…සයුරු..”

    කාව්‍යා ඔහු ව හඳුන්වා දුන්න..අපි සුහදව කතා කළා..

    “දැන් ඔයාගෙ සැකේ හරි නේද..?”

    කාව්‍යා ඇහුවෙ සයුරු ඉදිරියෙදිමයි…ඒකට නම් මට කේන්තියි..ඒත මම ඒක පාලනය කරගත්ත…

    “මම කිව්ව නෙ සැකයක් නැහැ කියල…මම එදා ම ඒක පැහැදිලි කරල කිව්වනෙ…අනික මම කාව වත් පාවා දීල රණ්ඩු කළෙත් නැහැනෙ..”

    මම කිව්ව…කාව්‍යා වගෙම අම්මත් සයුරුත් නිහඬ වුණා…

    “ඔයා කොහොමද සයුරු අඳුනන්නෙ..?”

    නිදියන්න ගිය වෙළාවෙදි මම ඇහුව…

    “ෆේස්බුක් එකෙන් චැට් කරපු කෙනෙක්..මේ අවට ඉන්නව කිව්වම බලන්න ආවා.. එයා තමයි මගෙ හොඳම යාළුව..”

    කාව්‍යා කිව්ව..මමත් පිළිගත්ත…එක් විවාහයකින් දරුවෙකුත් එක්ක තනි වෙච්ච ඇය ආයෙත් වතාවක් වරදක් කරයි කියල මමත් හිතන්නෙ නැහැ..ඒ නිසා ඇගේ මිතුරු ඇසුර නැති කරන්න මම හිතුවෙ නැහැ….

    එක දවසක් වැඩට ගියපු මම පැයක් විතර වැඩ කරද්දි හදිසියේම අසනීප වුණා….කළින් සුළු සුළු අපහසුතා තිබ්බත් මම ගණන් ගත්තෙ නැහැ..නිවාඩු අරගෙන රෝහලට ගියපු මම ගෙදර ආවෙ විවේකීව ඉන්න ඕන නිසා…මම ගෙදර එද්දි මිදුලෙ සයුරුගෙ බයික් එක තිබ්බ…

    “මෙයා දැන් නිතරම මෙහෙ එනව වගෙ..”

    මම හිතුව…ගෙදර ප්‍රධාන දොරත් වහල දාල…වෙනද මම ඉන්න වෙළාවට ආවත් වැරන්ඩාවෙන් ඇතුලට නොයන මනුස්සය අද පේන්නවත් නැහැ…දුවත් පෙරපාසලේ බව මට මතක් වුණා..ඒ නිසා මම සද්ද නොකර දොර ඇරගෙන ගේ ඇතුලට ගියා..දොර ලොක් කරලත් නැහැ…⁣සද්දයක්වත් නැහැ..පස්සෙ දැනගත්ත විදියට අම්මත් එවලෙ රැස්වීමකට ගිහින්…

    මම හෙමිහිට අපි හිටපු කාමරේ පැත්තට ගියා..ඒ දොර අඩවන් කරල…මම ඒ අතරින් එබුණ..මම දැකපු දේ මට හිතන්නවත් බැරි වුණා…ම⁣ගේ උණ දෙගුණ වුණා…අපේ කාමරේ අපේම ඇඳ උඩ සයුරු එක්ක අඩ නිරුවතින් කාව්‍යා හිටියා..

    “කාව්‍යා…!!මේකද ත/මු/සෙ/ල දෙන්නගෙ යාළුකම..?”

    මම සද්දෙන් අහගෙන කාමරේට ගියා..දෙන්නම බයේ ගැහෙනව..

    “කාව්‍යා..මම හිතුවෙ නෑ ත/මු/සෙ මෙහෙම කරයි කියල..මේ දැන්ම මේ ගෙදරින් තො/පි දෙන්නම යන්න ඕන…”

    මම කිව්ව..අතපය උස්සල දඬුවම් කරන්න මම හිතුවෙ නැහැ…

    “අනේ…මම වැරදියි තමයි..”

    කාව්‍යා කියාගෙන ආවා..

    “නෑ නෑ..මොන දේ කියානෙ ආවත් සමාවක් නෑ..සැකයිද සැකයිද කියාගෙ මටත් සද්ද දාගෙන ගෙදර කව්රුවත් නැතිවෙන කොටම මේ මි/නි/හ ගෙන්නගෙන ඌ එක්ක නිදියනව..හැමදාම මේ සෙල්ලම තමයි කරන්න ඇත්තෙ..වෙළාවට අද මම ලෙඩ වෙලා හරි ගෙදර ආවෙ නැත්නම් මේ සෙල්ලම හැමදාම කරයි..”

    මම කිව්ව…ඈට ඇහුම්කන් දෙන්න තරම් හිතක් මට නැහැ…

    “උ/ඹට පුළුවන් හොරෙන් නෙමෙයි මේ දැන් ගෙදරටම මේ/කි/ව අරගෙන යන්න..මෙහෙම ගෑ/ණි/යෙ/ක් මට එපා..උ/ඹ/ට ගෑ/ණු දෙන්නෙක් බලා ගන්න පුළුවන් ඇති නෙ..”

    මම තව දුරටත් කිව්වෙ සයුරු දිහා බලන ගමන්…ඔහු අසරණව බිම බලාගත්ත…

    “කමක් නෑ කාව්‍යා..එන්න යමු…”

    සයුරු කතා කළා…කාව්‍යා මම දිහා බැලුව..

    “ප්‍රේම කුරුල්ල කතා කරනව නෙ..ඉතින් මම දිහා බලන්න දෙයක් නෑ..දොර ඇරල තියෙන්නෙ..යන්න පුළුවන්…ඩිවෝස් එක ඉක්මණටම දෙන්නම්..”

    මම කිව්ව…

    “එතකොට මගේ කෙ/ල්/ල..?”

    කාව්‍යා කව්ව…

    “ඔයා විතරක් එනව නම් එන්න…දරුව ගැන මම දන්නෙ නැ..”

    සයුරු කිව්ව…මට යන්තමට හිනා ගියා…

    “ඒව ගැන හිතන්න තිබුණෙ කළින්..ඒ දරුව කොහොමත් දැන් මගෙ….ඒ නිසා පුංචි එ/කී ඉන්නව නම් මගෙ ළඟ ඉඳීවි..මම එයාව හදාගන්නම්..”

    මම කිව්ව…දෙන්න පිටත් වෙලා ගියා…

    “අම්ම හොයල දුන්න ගෑ/ණි මම ගෙදර එනකොට යාළුව එක්ක ඇඳේ…මම ඒ/කි/ව ඌ/ට/ම භාර දුන්න…”

    අම්ම ආවට පස්සෙ මම කිව්ව…

    “අනේ පුතේ…එතකොට මේ දරුව..”

    දුව පෙරපාසල් ඇරිල අම්ම එන ගමන් එක්ක ඇවිත්..

    “එයා අපි එක්ක ඉඳියි…මට කව්රුවත් නෑ කියල දුක් වෙන්න දෙයක් නෑ දැන්..දුව ඉන්නව නෙ..ඒ නිසා ආයෙ මට ගෑ/ණු ජෝඩු කරන්න හදන්නෙපා..”

    මම කිව්ව..ඉන් පස්සෙ කිසිම දවසක දුව බලන්නවත් කාව්‍යා ආවෙ නැහැ…සයුරුගෙ අනියම් බිරිඳ විදියට බෝඩිම් කාමරේකට වෙලා රස්සාවක් කරනව කියල ආරංචි වුණා…කාව්‍යාගෙ දෙමව්පියොවත් ඇයව භාරගෙන නැහැ..

    “මම කිව්ව නේද පරෙස්සමෙන් කියල..”

    කාව්‍යා ගෙ පළවෙනි සැමිය ආයෙත් හමුවුණා..

    “හ්ම්..”

    මම කිව්ව..

    “⁣ඔය කසාදෙ වෙන්න කළින් මම දැනන් හිටිය නම් ඇවිත් මම විස්තරේ කියනව..ඒත් මම දැන ගන්නකො⁣ට කසාදෙ වෙලා ඉවරයි..ඒ/කි කොහෙ ගියත් හොර මි/නි/හෙ/ක් හොයාගන්නව..ඒකයි මම ඩිවෝස් වුණේ…මුලදි නොකිව්වෙ වැරදි හදන් ඔයා ඉඳියි කියල හිතල වගෙම මම තරහට කියනව කියල හිතන නිසා…මම බොන්න පුරුදු වු⁣ණේම ඔය ගෑ/ණි නිසා..අන්තිමට සේරටම වැරදිකා/ර/ය වුණේ මම.”

    ඔහු කිව්ව…කාව්‍යා කිව්ව වගෙ බොරු හේතු වලට ඔහු ඇය එක්ක රණ්ඩු කරල නැති බව මම තේරුම් ගත්ත…

    “කමක් නෑ යාළුවා…දැන් වෙච්ච දේ වුණා..ඔයාගෙ දුව මගෙ ළඟ පරෙස්සමට ඉන්නව..ඕන වෙළාවක ඇවිත් බලල යන්න..කැමති නම් දරුව ව එක්කගෙන යන්න..ඒත් එයා දැන් මටයි තාත්ත කියන්නෙ…ඔයා එක්ක ගියත් නැතත් මම ඒ පුංචි කෙ/ල්/ල/ව රැජිණක් කරනව..”

    /

    මම කිව්ව..ඔහු ප්‍රශංසනාත්මක ව මම දිහා බැලුව…

    “දුව බලන්න මම එන්නම්…මම දැන් බේ/බ/ද්/දෙ/ක්…ඒ නිසා දුවට ඔයාම තාත්ත වෙලා ඉන්න…දුව වෙනුවෙන් ඕන උදව්වක් මම කරන්නම්…”

    ඔහු මගේ පිටට තට්ටු කරමින් කිව්ව…දෙවැනි විවාහයෙන් මට ලැබුණ දායාදය විදියට පුංචි කෙ/ල්/ල මගෙ ළඟ ඉතිරි වුණා…හැමදාටම මම ඒ කෙ/ල්/ල/ට තාත්ත වෙනව..

    සමාප්තයි…

    error: Content is protected !!