Skip to content
Home » මිනිපිරියෝ – sinhala Novel

මිනිපිරියෝ – sinhala Novel

    අපෙ ගෙදර හැමදාම රණ්ඩු..ඒත් අම්මයි තාත්තයි නම් නෙමෙයි…අම්මයි ආච්චියි සීයයි…ආච්චියි සීයයි එක පැත්තක්..අපෙ අම්ම තනියම…තාත්ත නම් කාගෙවත් පැත්තක් ගත්තෙ නැති වුණත් සාධාරණ පැත්ත වෙනුවෙන් සමහර වෙළාවට කතා කළා…එතනින් සාධාරණ අපෙ අම්ම…මට තව නංගිල තුන් දෙනෙක් ඉන්නව…මම එතකොට හිටියෙ ඉස්කෝලෙ තුන වසරෙ…ඊ ළඟ නංගිල දෙන්න නිවුන්නු..ඒ දෙන්න පෙරපාසල් ගියා..පොඩිම නංගිට අවුරුදු දෙකක් විතර ඇති…

    “පුතේ මෙයාව දික්කසාද කරල වෙන කෙනෙක් ව කසාද බඳින්න බැරිද..?”

    ආච්චි අපෙ තාත්තගෙන් නිතරම අහන ප්‍රශ්ණයක්…

    “දරුවො හතර දෙනෙකුත් එක්ක මෙයාව ගෙදරින් යවන්න කියල ද අම්ම කියන්නෙ..?”

    අපෙ තාත්ත ඇහුව…

    “ඒකම තමයි අපිට තියන ප්‍රශ්ණෙ..කෙ/ල්/ලො/ම අට්ටියක්…කවදාවත් මේ ගෑ/ණි/ට පුතෙක් නම් ලැබෙන්නෑ…”

    ආච්චි කිව්ව..තාත්ත අසරණ විදියට බිම බලා ගත්ත..

    “ඒකට එයා මොනව කරන්න ද..?”

    තාත්ත ඇහුව..

    “කරන්න තියන දේ තමයි මම කිව්වෙ..”

    “අම්මෙ ඔය කියන දේ මට කරන්න බැහැ…ඒ කෙ/ල්/ලො නෙමෙයි මො/ක්/කු වුණත් අපේ දරුවො…මම ඒ දරුවොන්ට ආදරෙයි..ආයෙත් මට ඔය කතාව කියන්න එපා..මම කවදාවත් වෙන කසාදයක් කරගන්නෙ නෑ..”

    තාත්ත දැඩිව කිව්ව…අපෙ තාත්ත සාදාරණයි කියල මට හිතෙන්නෙ අන්න ඒ නිසා…

    “පුතා තමයි පව්ලෙ එකම දරුව..අපෙ පරම්පරාව ගෙනියන්න මුනුබුරෙක් ඕන…⁣ඒකයි අපි මේ කියන්නෙ…”

    සීයත් නිතරම කතා කළේ අම්මට විරුද්ධව..අපෙ අම්මට පිරිමි දරුවෙක් නැති එක මේ හැම ප්‍රශ්ණෙකට ම මුල බව අපි තේරුම් ගත්ත..ඒත් අම්ම හැම අතින් ම අසරණයි…

    “අම්මලටත් දුවෙක් හිටිය නම් තේරෙයි…දරුවො හතර දෙනෙක් එක්ක මෙයාව අනාත කරන්න කියන එක මොන අපරාධ කතාවක් ද කියල…මට ඒක කරන්න බැහැ..”

    තාත්ත තව දුරටත් අපි වෙනුවෙන් කතා කළා…

    “පුතාගෙ තීරණේ ඒක නම් මේ දේපල වලින් සත පහක දෙයක් දෙන්නෙ නැහැ..මම මේ සේරම පන්සලට ලියනව..”

    සීය කිව්වෙ තාත්තගෙ හිත වෙනස් කරන්න හිතල වෙන්න ඇති…

    “ඒකට කමක් නෑ තාත්තෙ..කෙ/ල්/ලො වුණත් මේ මගෙ දරුවො..මේ දේපල වලට වඩා මට උ/න් ටික වටිනව..ඒ නිසා මම එයාල එක්ක හැමදාම ඉන්නව…අනිත් එක තාත්තල හිතනව වගෙ හැමෝම හිතුවොත් මේ ලෝකෙ ගෑ/ණු නැත්තටම නැති වෙනව නෙ..”

    තාත්ත කිව්ව…මොන දේ කිව්වත් වෙනස් නොවෙන හිතක් අපෙ තාත්තට තිබුණ..ඒක අපෙ අම්මට හයියක් වුණා..

    “අම්මල එක්ක වාද කරන්න එපා..”

    අම්ම තාත්තට කිව්ව..

    “ඔයා කියන්නෙ එයාල කියන විදියට මට ඔයාව අතාරින්න කියලද..?”

    තාත්ත කේන්තියෙන් ඇහුව…

    “එහෙම නෙමෙයි අනේ..මම කියන්නෙ එයාල එක්ක රණ්ඩු කරන්න එපා කියල..ඕන දෙයක් කියපුවාවෙ කියල මම වගෙ අහගෙන ඉන්න..”

    අම්ම කිව්ව..මගෙ අම්ම මොන තරම් හොඳ කෙනෙක් ද කියල මම තේරුම් ගත්තෙ ඒ කතාවෙන්…

    තාත්ත වැඩට යන නිසා දවල් දවසෙ අම්ම ගෙදර හිටියෙ තනියම…ඒ නිසා නොයෙකුත් ඇනුම් පද අහන්න අම්මට සිද්ද වුණා..

    “මේ කසාදෙ වෙන්න කළින් අපිට හිතන්න තිබුණ…ඒ පරම්පරාවම ගෑ/ණු වුණත් අපි මෙචචර දෙයක් හිතුවෙ නැහැනෙ..”

    ආච්චි සමහර වෙළාවට ගමේ අය එක්කත් එහෙම කතා කළා…අම්ම කොයි තරම් කඳුළු හැළුවත් ඒ කිසිම දෙයක් තාත්ත එක්ක කිව්වෙ නැහැ…හැමදේම තනියම දරාගත්ත…ආච්චි අඩුම තරමෙ පොඩි ළමයි කියල හිතල අපි එක්ක වචනයක් කතා කළේ නැහැ…අපෙ පොඩි නංගිල වඩා ගත්තෙවත් නැහැ…අම්ම හැමදේම තනියම කරගත්ත වුණත් එක විනාඩියකට චූටි නංගිව බලාගන්න කෙනෙක් හිටියෙ නැහැ…

    තාත්ත ගෙදර නැති හැම වෙළාවෙම අම්මගෙ ඇස් වල කඳුළු…අපි පස් දෙනාටම හැමෝම කළේ වෙනස් කම්..අපේ අම්මගෙ හිතේ හයියට හැම දේම දරාගෙන හිටිය…

    “අම්මෙ අපිටත් මල්ලි කෙනෙක් ගේන්න බැරි වෙයි ද..?”

    දවසක් මම ඇහුව…අම්ම මගෙ දිහා බලල යන්තමට හිනා වුණා…ඒ හිනාව ඇතුලෙ මට නොතේරුණ ගොඩක් දේවල් තියෙන්න ඇති…

    “දැන්ම නෙමෙයි පුතෙ කල් යද්දි පුතාට මේව තේ⁣රෙයි…”

    සුසුමක් හෙළපු අම්ම කිව්වෙ එච්චරයි…අම්ම එක්ක හොඳින් කතා කළේ අපෙ තාත්ත විතරයි…ගෙදර හිටපු වෙන කිසිම වැඩිහිටියෙක් අම්ම එක්ක කතා කළේ නැහැ…කොයි වෙලෙත් දොස් කිව්ව විතරයි…

    “දරුවො හතර දෙනත් එක්ක අපි මේ ගෙදරින් යමු…”

    දවසක් හැන්දෑවෙ තාත්ත කිව්ව…

    “ගෙදරින් යන්න..!!!කොහෙද..?”

    අම්ම පුදුමෙන් වගෙ ඇහුව…

    “රෙන්ට් එකට ගෙයක් ගමු…”

    තාත්ත කිව්ව..

    “එතකොට මෙහේ..?”

    “මේව කොහොමත් අපිට දෙන්නෙ නැහැ කියල තාත්ත කිව්ව නෙ…අපි පුළුවන් විදියට ජීවත් වෙමු..”

    තාත්ත කිව්වෙ අම්මගෙ ඔලුව අතගාන ගමන්…අම්ම බිම බලාගත්තෙ ඇස් වලට ආපු කඳුළු තාත්තගෙන් හංගන්න වෙන්න ඇති…

    “මම නිසා ඔයාටත් සැනසීමක් නැහැ නේද..?”

    අම්ම ආයෙත් ඇහුව…

    “ඔයා නිසා…?එහෙම දෙයක් නෑ..අපිට මේ දරුවො ලැබුණෙ අපෙ වාසනාවට…දුවෙක් වත් නැති දෙමව්පියො කොයි තරම් ඇත්ද..?ඒ නිසා මගෙ කෙ/ල්/ලො හතර දෙනා මට මැණික් තමයි..”

    තාත්ත කිව්වෙ මගෙ දිහාවත් බලන ගමන්…

    “කණක් ඇහෙන්න නෑ මේ කෙ/ල්/ල/න්/ගෙ අඬෝවැඩියාව කොයි වෙළාවෙත්..”

    පොඩි නංඟි අඬන වෙළාවට ආච්චි එහෙම කියනව….හැබැයි තාත්ත ගෙදර නැත්නම් විතරයි…

    “අනේ එහෙම කියන්න එපා අම්මෙ…පොඩි දරුවො හැමෝම අඬනව නෙ ඉතින්..”

    අම්ම කිව්ව…

    “කෙල්ලො පට්ටියක් ම හැදුව මදිවට තව කට ග/හ/න්/න/ත් එනවද..?”

    ආච්චි සැර වුණා…මම හොඳටම බය වුණා..මම අම්මගෙ පිටිපස්සෙට වෙලා හැංගුණා..අම්ම නිහඬ වුණා..අපි හතර දෙනාම අඬන නංගිවත් අරගෙන ගෙයින් එළියට ගියා..නංගි ඇඬුවට කඳුළු පිරුණෙ අම්මගෙ ඇස් වල..හේතුව ආච්චිගෙ අකාරුණික වචන..අම්ම කඳුළු වලින් හැම දුකක්ම දිය කළා..

    “ආච්චි ගෑ/ණි/ය/ක් වුණාට තවත් ගෑ/ණි/ය/ක/ගෙ හිතක් තේරුම් ගන්න බැරි දුශ්ඨ කෙනෙක්..”

    අම්ම සමහර වෙළාවට කිව්ව..ඒත් කොයි තරම් වෙනස් කම් වුණත් අම්ම ඒව තාත්තට කිව්වෙ නැහැ…සිද්ධ වෙන ගොඩක් දේවල් වලින් බාගයක් වත් තාත්ත දන්නෙ නැහැ…

    “ඇයි පුතේ එක පාරටම ගෙදරින් යන්න හදන්නෙ..?”

    අපි කුළී ගෙදරකට යන බව තාත්ත ආච්චිටයි සීයටයි කියල..

    “ම්ම් මට මේව දෙන්නෙත් නැහැ කිව්වනෙ..අනික මගෙ පුංචි උ/න්/ට පවා අම්මල වෙනස් කම්නෙ කරන්නෙ..ඉතින් අපි මෙහේ මොන හිතකින් ඉන්නද..?”

    තාත්ත ඇහුව..ආච්චිගෙ මූණ රතු වුණා..

    “අර ගෑ/ණි කිව්ව ද අපි වෙනස් කම් කරනව කියල..”

    ආච්චි නම් නපුරු මායාකාරියක් වගෙයි ම⁣ට පෙනුනෙ…

    “එයා කියපු දෙයක් නෑ..මට මේ ගෙදර ඉන්න වෙළාවට තේ⁣රෙනව නෙ අම්මගෙ වැඩ වලින්…”

    තාත්ත කිව්ව…

    “කොහෙටද ඔය යන්න හදන්නෙ..?”

    පැත්තක හිටපු සීය ඇහුව…

    “තැනක් හොයා ගත්ත ගමන් යනව..”

    තාත්ත කිව්ව…ඒ කතාව එතනින් අවසාන වුණා…ඒත් ආච්චිල කියපු කරපු දේවල් නතර වුණේ නැහැ…හැම වෙළාවෙම අම්මගෙ වැරදි දැක්ක…

    “මගෙ කො/ල්/ල/ගෙ හිත සම්පූර්ණයෙන් වෙනස් කරල..කේලම් කියල කියල දැන් බබා වගෙ ඉන්නව..ඒකනෙ කො/ල්/ල/ට ගෙදරත් එපා වුණේ….නැත්නම් මේ හීං එ/කී පොඩි කමට ඉඳන් අ/ප්/පො/ච්/චි/ට කේලම් ටික කියනව ඇති..”

    ආච්චි තවමත් මටත් එක්කම බනිනව..ඒවගෙ නම් කිසිම අඩුවක් නැහැ…

    “මම කාගෙවත් හිත් වෙනස් කරන්න ගියේ නැහැ..අනිත් එක හයක් හතරක් නොදන්න මගෙ දරුවොන්ට ඔහොම කතා කරන්න එපා අම්මෙ…”

    අම්ම කිව්ව…

    “නැත්නම් මෙච්චර කල් අගේට හිටපු කො/ල්/ල එක පාරටම ගෙදරින් යන්න හදන්නෙ මොකද..?හැමදේම කරන්නෙ උ/ඹ තමයි..”

    සීයත් ඇහුව..අම්ම නිහඬ වුණා..ආච්චි තව තවත් කියවනව ඇහුණ..අම්මගෙ කඳුළු නිසා මට ඒ දේවල් ගැන සිහියක් නැති වුණා..ආච්චි සීය දෙන්න ගැන නම් පුංචි කාළෙම මට ඇති වුණේ වෛරයක්..කෙනෙක් මේ තරම් නපුරු වෙන්නෙ කොහොමද කියන එක නම් ඇත්තටම හිතා ගන්න බැහැ..

    “ඇයි අම්මෙ හැමදේම අහගෙන පාඩුවෙ ඉන්නෙ..?”

    මම පුංචි වුණත් වෙළාවකට එහෙම ඇහුව…

    “අපේ වරදක් නැතත් අපිට සද්ද නොකර ඉන්න වෙන තැන් තියනව පුතෙ..මේකත් අන්න ඒ වගෙ..”

    අම්ම කිව්ව දේ ඒ හැටි නොතේරුණත් මම ඔලුව වනල පාඩුවෙ හිටයා…ඊට සතියකට පස්සෙ අපි අලුත් ගෙදරක⁣ට ගියා…අම්මගෙ රත්තරන් බඩු උකස් තරල ඒ ගෙදරට ඕන බඩු ටික ගත්ත..අපිට ඒ ගෙදර ඇඳක් වත් තිබ්බෙ නැහැ..මෙට්ට අරගෙන ⁣බිමට දාගෙනයි අපි නිදා ගත්තෙ…

    “ඉතුරු කරල තිබ්බ සල්ලි සේරම ඉවරයි..මේ ගෙදරට බඩු ටික අරගෙන..”

    තාත්ත කිව්ව…

    “කමක් නෑ..මොන දේ නැතත් අපි හය දෙනාට හිතේ නිදහසෙන් ඉන්න පුලුවන්..”

    අම්ම සතුටින් කිව්ව..කුළි ගෙදර වුණත් අපි අපේම තැනක වගෙ සතුටින් හිටිය..වෙනද ඇහුණ ගෝරනාඩු ⁣වගෙම අම්මගෙ ඇස් වල තිබ්බ කඳුළු කිසිම දෙයක් දැන් නැහැ…තිබ්බ දෙයක් කාල අපි හරිම සතුටින් හිටිය..

    “ටික දවසක් ගියාම ඔයා ගිහින් අම්මල බලල එන්න…”

    අම්ම කිව්ව..තාත්ත අම්ම දිහා බැලුවෙ පුදුමෙන් වගෙයි…

    “මෙච්චර කරලත් ඇයි ඔයා එහෙම කියන්නෙ..?”

    තාත්ත ඇහුවෙ මටත් අම්මගෙන් අහන්න ඕන වෙලා තිබ්බ දෙයක්…

    “ඒක ඔයාගෙ යුතුකම නෙ..අනික ඔයාට වෙන සහෝදරයොත් නැති නිසා ඔයා අම්මල ගැන හොයන්න ඕන..නැත්නම් ඒකටත් මටම වැරදි කියාවි…”

    අම්ම කියපු දේ වරදක් නැති නිසා තාත්ත සද්ද නොකර හිටිය..

    ටික දවසක් කිසිම ප්‍රශ්ණයක් නැතිව අපි හිටිය…තාත්ත පුරුදු විදියට රැකියාව කළා…මසෙකට විතර පස්සෙ තාත්ත ආච්චිලගෙ ගෙදර ගියේ නිවාඩු දවසක…

    “අපි පස් දෙනා එක්ක එයාල තරහයි නෙ..ඒ නිසා ඔයා විතරක් යන එක හොඳයි..”

    තාත්ත යන්න සූදානම් වුණාට පස්සෙ අම්ම කිව්ව…

    “පුතේ කවදාවත් අපිට නපුරු කම් කරන කෙනෙකුට වත් නපුරු කම් කරන්නෙපා..ආච්චි සීය ගැන වුණත් තරහක් හිතන්න එපා..”

    හැමදාම අපෙ අම්ම හොඳ දේවල් විතරක් මට කියල දුන්න…ඒ නිසා මම අම්මට වැඩි වැඩියෙන් ආදරේ කළා..හවස් වරුවෙ තාත්ත ගෙදර ආවා..ඒ එනකොට ආච්චි ගොඩක් දේවල් තාත්තට දීල..හාල්,පොල් එළවළු තව අපිට සෙල්ලම් බඩු වගයකුත් එවල තිබුණ…

    “මේ මොකද මේව උස්සගෙන ආවෙ..?”

    තාත්ත ගෙට ගොඩ වෙනකොටම අම්ම ඇහුව..

    “අම්මයි තාත්තයි හදල දුන්න දේවල්..එපා කියල දමල එන්න බැහැ නෙ..”

    තාත්ත කිව්ව..හූ මිටි තියපු අම්ම නිහඬ වුණා…

    “අම්මයි තාත්තයි දෙන්නම කිව්ව ගෙදර එන්න කියල..”

    තාත්ත ආයෙත් කතාවට මුල පිරුව…අම්ම සද්ද නැහැ…

    “ගෙදර පාළුවට යනවලු…වෙච්ච දේවල් අමතක කරල ගෙදර එන්නලු..දැන් මුලු ගෙදරම කණත්තක් වගෙලු…”

    තාත්ත එක දිගට කියනව…අම්ම පාඩුවෙ අහගෙන ඉන්නව..

    “පුතෙක් නැති දුකටලු හැමදේම කිව්වෙ…ඒව අමතක කරන්නලු..”

    තාත්ත තව දුරටත් කතා කළේ අම්මගෙන් වචනයක් ගන්න..

    “දැන් ඔයා කියන්නෙ ආපිට එහෙ යමු කියලද..?”

    අම්ම ඇහුව…

    “අම්ම ගොඩක් දුක් වුණා වෙච්ච දේට..ඔයා තරහින් ඉන්නව ඇති කියලත් කිව්ව…”

    “ඒක හරි…මම ඇහුවෙ ආයෙ ගෙදර යමු කියලද ඔයා කියන්නෙ කියල..”

    අම්ම ආයෙම ඇහුව…

    “අපි ඒ ගැන හිතල තීරණයක් ගමු..”

    තාත්ත කල්පණාකාරීව කිව්ව..

    දවස් ගණනාවකට පස්සෙ ආච්චි සීය දෙන්නම අපි හිටපු ගෙදරට ආවා…

    “මම හිතුවෙ නැහැ අම්මල කවදාවත් මෙහෙ එයි කියල..”

    අපෙ අම්ම කිව්ව…තාත්ත ගෙදර නොහිටපු නිසා කිසිම වෙනසක් නැතිව අම්ම ආච්චිලව ගෙදරට පිළිගත්ත..මම නම් තාමත් ආච්චිට බයයි..නංගිල වත් මමවත් ඒ නිසා ආච්චි ළඟටවත් ගියේ නැහැ…

    “පුතේ වෙච්ච දේවල් අමතක කරල අපි ගෙදර යමු..මම එදා පුතාටත් කිව්ව එන්න කියල..”

    ආච්චි කාරුණිකව කතා කළා..ආච්චිගෙ මේ වෙනස ගැන මටත් පුදුම හිතුණ..අම්ම සද්ද නැතුව හිටියා…

    “ඇයි පුතේ සද්ද නැත්තෙ…පුතාල ආපු දවසෙ ඉඳන් මුළු ගෙදර පාළුයි…මේ දරුවොන්ගෙ සද්දෙ නැතුව ගෙදර කණත්තක් වගෙයි…අනේ දරුවො ගෙදර එන්න..”

    ආච්චි බැගෑපත් ව කිව්ව..

    “අපි ඇත්තටම මෙහෙ සතුටින් ඉන්නව අම්මෙ..මෙහේ මටවත් මගෙ දරුවන්ටවත් බනින්න ඇනුම්පද කියන්න කවුරුත් නැහැ…පුංචි පුංචි අඩුපාඩු වුණත් අපි හිතේ සැනසීමෙන් ඉන්නව..අනිත් එක සට සලකපු හැටි කියපු කරපු දේවල්…ඒව කොහොම අමතක කරන්නද..?”

    අම්ම කිව්ව…

    “අපි ආසාවෙන් හිටියෙ මුනුපුරෙකුට..ඒත් දූල ම ලැබෙන කොට අපි වෙනස් වුණ එක ඇත්ත..අපෙ වරද අපි පිළිගන්නව…පුතා ගෙදර ආපු දවසෙ දුව ගැන කිව්ව..දුව කියපු නිසයි ගෙදර ආවෙ කියලත් කිව්ව..ආයෙත් ඒ වගෙ දේවල් වෙන්නෙ නෑ වෙච්ච වැරදි වලට සමා වෙලා ආයෙත් ගෙදර එන්න..මෙච්චර කල් ආවෙ නැතුව හිටියෙ මේ තැන නොදන්න නිසා…එදා පුතා ආවමයි තැන අහගත්තෙ..”

    සීයත් කතා කළා..ආච්චියි සියයි ගෙදර නොයා එදා රෑ අපි එක්ක හිටියා…එදා අපෙ තාත්තත් ගොඩක් සතුටු වුණා..කවදාවත් නැති සතුටකින් අපි එදා රෑ ගත කළා…අච්චිට සීයට අපේ හිත් වල තිබ්බ බය අමතක වෙලා ගියා…ඉස්සරත් මේ වගෙ නපුරු නොවී හිටිය නම් මොන තරම් හොඳ දෙන්නෙක් ද කියල හිතුණ…

    සතියකට විතර පස්සෙ අපි ආයෙත් ආච්චිලගෙ ගෙදර ආවෙ ඒ අයගෙම ඉල්ලීම නිසා..

    “ආයෙත් පරණ ය/ක්/කු මතු වෙයිද දන්නෑ..”

    අම්ම කිව්ව..ආයෙ එහෙට යන්න අම්ම එච්චර කැමති වුණෙත් නැහැ..

    “එහෙම කළොත් ආයෙ මම යන්නෙත් නෑ ඒ ගෙදරට..”

    තාත්ත කිව්ව..

    ආයෙ කවදාවත් ආච්චි සීය දෙන්න වෙනස් වුණේ නැහැ..අපි හැමෝටම ආදරෙන් සැලකුව…ඊට පස්සෙ අපි හැමෝම සමගියෙන් හිටියා…ගෙදර හැමෝම එකා වගේ සමගියෙන් ඉන්නව තරම් සතුටක් ලෝකෙ වෙන කොහේවත් නැහැ…

    “පුතාලම ඕන කියල අපෙ අම්මලට තිබුණ මාන්නෙ නැති වෙච්ච එක නම් ලොකු දෙයක්..”

    තාත්ත කිව්ව..

    දීර්ඝ කාලෙකට පස්සෙ ආච්චිගෙ අවසාන මොහොතෙත් සාත්තු සප්පායම් කරගෙන ළගින් හිටියෙ අපෙ අම්ම…ඒ හැම මොහොතකම ආච්චි අපෙ අම්ම දිහා බලාගෙන කඳුළු හැලුව..දැන් නම් ආච්චි සීය දෙන්නම අපි අතරෙ නැහැ..

    “පුතාල කීයක් හිටියත් වැඩක් නෑ….අම්මෙක්ට බැරි වුණාම ළඟින් ඉන්න දුවෙකුත් ඉන්නම ඕන..ලේලි වුණත් දුව මගේම දරුවෙක්…”

    ඇස්වල කඳුළු පුරවගෙන ආච්චි අවසාන දවස් වල එහෙම කිව්වෙ අපෙ අම්මගෙ අත දෑතින්ම අල්ලගෙන…

    සමාප්තයි….

    error: Content is protected !!