ගමේ හදවත, නගරේ සිහිනය – කෙටි කතාවකි

නගරයේ ජීවිතේට පුරුදු වෙච්ච රවිදු පළවෙනි වතාවට ප්‍රොජෙක්ට් එකක් කරන්න පුංචි ගමකට ආවා.කිසිම කලබලකාරී ගතියක් නැති ලස්සන පරිසරක් එක්ක තියෙන ගම දැක්කහම රවිදුට කවදාවත් දැනිලා නැති නිදහසක් දැනුනා..

රවිදු කියන්නේ නගරයක හැදුන,කඩවසම් සල්ලිකාර පිරිමි ලමයෙක්.මෙයාගේ ඔෆිස් එකේ project එකකට තමයි මෙයා තනියම මේ ඇවිත් තියෙන්නේ

ඉතින් ඔහු ගමට අලුත් නිසා ගමේ පාරවල් ගැන දන්නෑ.දවසක් රවිදුට වැඩ ටිකක් කරගෙන එන්න ටවුන් එකට යන්න වුණා. ඒ වුණත් රිවිදු දන්නෑ බස් නවත්තන තැන.පාර මැද ටිකක් අවුලෙන් වගේ ඉඳගෙන ඔහු වටපිට බැලුවා.ඒ වෙලාවේ අතේ කඩදාසි බෑග් එකක් අරගෙන ගමේ පාරෙන් එන ගෑණු ළමයෙක් ඔහු දැක්කා.

“Excuse me…”

රවිදු ටිකක් ලැජ්ජාවෙන් අහුවා,

“ටවුන් එකට යන බස් එක නවත්තන්නේ කොහෙද?”

ඇය හිනාවෙලා පාර කීවා.”මාත් යන්නේ ඒ පැත්තට.ඔයා කැමති නම් එන්න” කියලා රවිදුට කීවා.රවිදුත් හරියටම පාරවල් ගැන දන්නැති හින්දා ඇයත් එක්කම ගියා

“ඔයා ගමට අලුත් වගේ” ඇය ඇහුවා.

“ඔව් මට මෙහේ හැමදේම අලුත්,”රවිදු හිනා වෙලා කීවා.

“තාම අලුත් හින්දා ගමට හුරු වෙන්න ටිකක් අමාරු වෙයි.ඒත් හුරු වුණාම ගමක ජීවත් වෙන්න හරිම ලේසියි” .ඇය මෘදු හඬකින් කිව්වා.

බස් නවත්තන තැනට එද්දී රවිදුට හිතට තේරුණා ගම හුරු වෙන්න අමාරු නැතිවෙන්නේ මේ වචන නිසා කියලා.

“Thank you,” ඔහු කිව්වා.

“ගමට ආවම එකිනෙකාට උදව් කරන එක සාමාන්‍යයි,”ඇය හිනා වෙලා කිව්වා.

බස් එක එද්දී රවිදු ඇය දිහා ආයෙත් බැලුවා.

නමවත් අහන්න බැරි වුණා..ඒත් ඔහුගේ හිතේ ඒ රූපේ ඇදිලා තිබුණා.රවිදු ටවුන් එකට ගියේ වැඩ ටිකක් කරගන්න.ඒත් ගමට ආදරේ වෙන්න පළවෙනි හේතුවත් එතනම ලැබුණා.

ඊළඟ දවසේ උදේ රවිදු ගමේ ටිකක් ඇවිදින්න ගියා. ඒ අතරේ ඔහුට මතක් වුණා ඊයේ හමුවුණු ඒ ගැනූ ලමයා.”නමවත් අහන්න බැරි වුණානේ කියලා හිත හිත ඉන්නකොට රවිදු දැක්කා වැව පැත්තෙන් ලස්සන චීත්ත ගවුමක් ඇදගෙන ලස්සනට කොණ්ඩයක් ගොතලා ඈතින් එන ගෑනු ලමයෙක්.

ඒ…ඊයේ බස් නවත්තන තැනට යන්න ඔහුට උදව් කරපු ඇයමයි.අතේ පොත් ටිකක් තුරුල් කරගෙන මූනේ හරි ලස්සන හිනාවක් තියාගෙන එන ගෑනූ ලමයා දැක්කහම රවිදුගේ හිතත් සතුටින් පිරුණා.

“Hi…”

රවිදු ටිකක් ලැජ්ජාවෙන් කිව්වා.

ඇය හිනාවක් එක්ක ඊයේ වැඩ ටික කරගත්තද ?”කියලා ඇහුවා.

“ඔව් ඔයා ආවේ නැත්නම් මං තාම පාරේ.මට ඔයාගේ නමවත් අහගන්න බැරි වුණානේ..ඔහු හිනා කීවා.

” මගේ නම නෙතුලි” ඇයත් කිසිම අහංකාරමක් ආඩම්බරකමක් නැතුව කතා කරා.

නෙතුලි කියන්නේ ගමේ හැදුනු හරිම ලස්සන හිනාවක් තියෙන හරි ම අහිංසක ගමේ ගෑනු ලමයෙක්.

ඒ නම රවිදුගේ හිතේ හරි ලස්සනට ඇදුනා.”මම රවිදු,මම ගමට අලුත්”ඔහු කීවා.’අලුත් අය ගමට ඉක්මනට හුරු වෙනවා “නෙතුලි එයාගේ ලස්සන හිනාවත් මූනේ තියාගෙන කීවා.

ඉතින් දෙන්න කතා කර කර ඇවිදගෙන වැව් පාර දිගේ ගියා.මෙහෙම අහම්බවෙන් වගේ දෙන්නා දින කීපයක් හම්බ වෙලා ඔහේ කියව කියව හිටියා.

ඒ දෙන්නටත් නොදැනීම හිතින් ඒ දෙන්නා ගොඩක් ලං වෙලා හිටියේ..ටික දවසක් යනකොට රවිදුට ගම හුරු වුණා.ඒ පාරවල් නිසා නෙමෙයි නෙතුලි නිසා.

උදේට අහම්බෙන් හමු වෙන හිනාව, හවසට වැව් පාරේ ඇවිදින එක දෙන්නටම හුරු වෙලා තිබුනේ..දෙන්නට දෙන්නට නොකීවට ඒ හිත් වල ආදරේ දලු ලා තිබුනා..

මේ අතරේ රවිදුගේ ප්‍රොජෙක්ට් එකේ වැඩ ටිකත් ඉවර වුණා.ඒ වුණත් රවිදුට ගම දාලා යන්න හිතුනේ නෑ.වෙනදා වගේ එදත් හවස ඒ දෙන්නා වැව ලගදි හම්බවුණා.

“නෙතුලි “

රවිදු ටිකක් අවුලෙන් කතා කරා.”මං ගමට ආවේ වැඩකට ඒත් දැන් ගමෙන් යන එක හිතට බරයි.”

“ඇයි ඒ?” නෙතුකි මෘදු හඩකින් ඇහුවා.

“මෙහේ මට හුරු වුණේ පාරවල් නෙමෙයි”,

රවිදු කියලා නැවැත්තුවා.

“ඔයා.”

නෙතුලිගේ හදවත එක් මොහොතක් නැවතිලා වගේ.ඇස් දෙකෙන් කඳුළුත් සිනාවත් එකට.

“ඔයා මෙහෙන් ගියාම ඔයාට ගම අමතක වෙයි.ඔයා එහෙ අලුත් ජිවිතයක් පටන් ගනී “නෙතුලි ඉකි බිදුමක් පාලනේ කරගෙන කීවා.

රවිදු ඇගේ අත අල්ලගත්තා.

“මං ගියත්

හදවත මෙහෙමයි.

ඔයාට ආදරෙයි නෙතුලි…”

රවිදු ඔහුගේ හිතේ දලු දාපු ආදරේ නෙතුලිට කීවා.

නෙතුලිත් ඇගේ ආදරේ ගැන කියන්න හදනකොට රවිදු ඇයව නැවැත්තුවා.”මොකුත් කියන්න එපා නෙතුලි ඔයාගේ ඇස් වලින් මට ඔයාගේ ආදරේ පේනෙවා” කියලා නලල මත සියුම් හාදුවක් තිබ්බා.

“මං හෙට උදේම යනවා නෙතුලි.මං යන්නේ අපේ සම්බන්දෙ ගැන ගෙදරට කියන්න.මං ඉක්මනින් එයාල එක්ක එනව නෙතුලි ඔයා විශ්වාසෙන් ඉන්න හොදද.පරිස්සමින් ඉන්න මැණික මං ඉක්මනට එනවා”, ඇයට කීවා.ඉතින් ඇය කදුලු අතරින් ඔහුට සමු දීලා වැව පාරේ ගියා ඇය යන දෙස ඔහු හරි ආදරෙන් බලන් හිටියා..

මාස තුනක් විතර ගියා..ඒත් රවිදු ආයේ ආවේ නෑ. නෙතුලිට රවිදු ගැන වැරදිවට හිතන්නවත් බැරි වුණා..ඇයට ඔහුට කතා කරන්න ඕන වුණත් ෆෝන් එකක්වත් තිබුනේ නෑ..නෙතුලි එයගේ ගෙදරටත් මේ ගැන කීවා.ඇයගේ තාත්තා වුණත් කීවේ “ලොකු ලොකු මිනිස්සු ගැන හිතන්නැතුව ඉන්න දරුවෝ.අනික ඒ මහත්තයලාගේ ගෙදරින් අපිට කැමති වෙන්නැතිවෙයි පුතේ කියලා”

ඔහොම කාලයක් යනකොට ලස්සන කාර් එකක් ඇවිත් නෙතුලිගේ ගේ මිදුල ඉස්සරහින් නැවැත්තුවා.නෙතුලිගේ තාත්තාටත් පුදුම හිතුනා.ඉස්සරහ දොර ඇරගෙන ආවේ වෙන කවුරුත් නෙමෙයි රවිදු.නෙතුලිටත් හිතා ගන්න බැරි වුණා.

රවිදු ඇවිත් නෙතුලිගේ ඔලුව අතගාලා මං කීවනේ මැණික මං එනවා මගේ අම්මයි තාත්තයි එක්ක කියලා ඔහුගේ අම්මටයි තාත්තටයි ඇයව හදුන්වලා දුන්නා.

එදා රවිදුගේ අම්මයි තාත්තයි ගමට ආවේ නෙතුලිව බලන්න.නෙතුලිගේ තියෙන අහිංසකකම, ගුණ යහපත්කම හින්දා නෙතුලිට එක පාරින් කැමති වුණා.

රවිදු නෙතුලිගේ අම්මයි තාත්තයි ලගට ගිහින් කීවා” තාත්තේ මං නෙතුලිව ඇහැක් වගේ බලා ගන්නවා කවදාවත් දුකක් දෙන්නෑ..ඔයාලා පොඩ්ඩක්වත් බය වෙන්න එපා කියලා”. “නෑ දරුවෝ අපිත් හිතුවේ ගමෙන් ගියාම මහත්තයා ආයේ එන්නැතිවෙයි කියලා.මගෙ කෙල්ලව මටත් වඩා පරිස්සමට බලා ගන්න පුතාට පුලුවන් කියලා මං දැන් දන්නවා” කියලා රවිදුගේ ඔලුව අතගැවා.

දින කිහිපයකට පස්සේ ගමම සරසාගෙන ලස්සනම දවසක් ආවා..මල් සුවඳ,පිරිත් හඬ,අම්මලාගේ ආශීර්වාද අතර ඔවුන් ඔවුන්ගේ ම වුණා.

නගරේ සිහිනයක්

ගමේ හදවතක්

එකම ජීවිතයක් වෙච්ච දවස. 💖

– අවසානයි –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *