අවසන් රැය – හෘදයාංගම කෙටි කතාවක්

novels

ඔයාගේ නම ප්‍රතිභා නේද? නම ගොඩක් ලස්සනයි. ඔයත් ලස්සනයි. මම මැරි කරන්න කැමති නෑ.ඒත් අම්මයි අප්පච්චි බල කරන නිසයි ඔයාව බලන්න ආවේ. හිතුවාට වඩා ඔයා ගොඩක් චූටීනේ . ගොඩක් අහිංසකයි .ඔයා ඉගෙනගෙනත් ජොබ් එකක් නොකර ගෙදරට වෙලා ඉන්න කැමති කිව්ව නිසයි මම ඔයාත් එක්ක කතා කරන්න හිතුවේ.

මොකද මට ඕන ගේ දොර ලස්සනට බලාගෙන මං වෙනුවෙන් ජීවත්වෙන කෙනෙක්. ඇයි දරුවෝ තාම කතා නොකර ඉන්නේ මොනවා හරි කියන්නකෝ ‘’
මාව බලන්න ආව මනමාලයා ගිරවෙක් වගේ මාත් එක්ක දොඩමලු වෙනකොටත් මම හිටියේ බිම බලාගෙන මාපටඟිල්ලෙන් පොළොව හාරන ගමන්. බුලත් හෙප්පුව දික් කරපු මොහොතේවත් එයාගේ මූණ දිහා නොබලපු මම හිමින් මූන උස්සලා එයා දිහා බැලුවේ එයාගේ ඉල්ලීම නිසයි.

හිමින් හිමින් මූණ උස්සලා ඒ මූන දිගා බලද්දී මගේ පපුව ගැහෙන සද්දේ පිටට ඇහෙයි කියලා මම බය උනා. ඒ තරම්ම වේගෙන් මගේ පපුව ගැහුනේ මාත් එක්ක මේ තරම් සමීපව කතා කරපු පළවෙනි පිරිමියා මේ තරුණයා නිසයි .

දිගැටි මුහුණටම හරියන දිගැටි ඇස් දෙකක් එයාට තිබුනා.රැවුල පිලිවෙලට කපලා කිරිපාටට දිලිසෙන එයාගේ මූණේ නිකට උඩ තිබුණු කළු පාට බෝල උපන් ලපේ නිසා මට එයාව තවත් ලස්සනට පෙනුණා.
“මම අයියාගේ නමවත් දන්නේ නෑ ” ගැහෙන හදවතින් හීන් හඬකින් මම එහම කියද්දී මාව බලන්න ආව තරුණයා හයියෙන් හිනා උනා.

මේ මාව බලන්න ආපු පළවෙන් මනමාලයා. පුංචි කාලේ ඉදලාම බාලිකා පාසල් වල ඉදලා, උදේ හවස අම්ම හරි අප්පච්චි හරි එක්ක ගෙදර එන මට මේ තරම් සමීපව කතා කරන්න ලැබුන එකම පිරිමියා එයා.. ඒ නිසාම මට එයා එක්ක කත කරන්න ලැජ්ජා හිතුණා.
” අනේ ඔයා රතු වෙලා. ඔය තරම් ලැජ්ජා වෙන්න එපා දරුවෝ ..මම සංකල්ප ගිම්හාන් රාජනායක. …අප්පච්චි ගේ බිස්නස් බලාගන්න එක තමා කරන්නෙ ඉතින්.”

එයා තව මොන මොනවාදෝ කිව්වත් ඒ කිව්ව කිසිම දෙයක් මට ඇහුණේ නෑ. ඒ තරම්ම මම හිටියේ හිතට දැනුණ අමුතු ලැජ්ජාවකින්.
උසස් පෙළ විභාගය ඉවර වුණ ගමන්ම අපේ අම්මලාට ඕන උණේ මාව ඉක්මනට බන්ඳලා දීලා නිදහස් වෙන්න. එයාල මට පුංචි කාලේ ඉඳලාම කියලා දුන්නෙ ගේ දොර වැඩ කරන ගමන් මහත්තයාට සලකන විදිහ ගැන , දරුවෝ බලාගන්න විදිහ ගැන. ඇත්තටම අපේ අම්ම අප්පච්චි උනත් හරිම ආදරෙන් සතුටින් හිටිය දෙන්නෙක් . උසස් පෙළ ඉහලින්ම පාස් උනත් කැම්පස් නොයවා මාව කසාද බන්ඳන එක තමයි ඒ දෙන්නාගේ තීරණය වුණේ. ඒත් අම්මලාගේ කැමත්ත නිසාම මමත් ඒකට එකඟ වුණා.

කවදාවත් කිසිම පිරිමියෙක් එක්ක කිසිම සම්බන්ධයක් වත් කතා බහක් වත් තිබිලා නැති මම ගිම්හාන් එක්ක ජීවත් වෙන්නේ කොහොමද කියලා හිතේ පුංචි චකිතයක් තිබුනත් දෙන්නා එක්ක ජීවත් වෙද්දි ඒ හැමදේම හරියයි කියලා තමයි අම්ම මගේ හිත හැදුවේ.
එදා එයාලා ගෙදරින් පිට වෙලා ගියේ මඟුලට නැකතුත් හදගෙනම එන්නම් කියලා කියන ගමන්. ගිම්හාන් මට වඩා අවුරුදු 7 ක් වැඩිමහල්. අම්මලා නම් කියන්නේ පිරිමියා වයසින් වැඩි වෙන තරමට පවුල් ජීවිතය සාර්තකයි කියලා.කොහොම හරි අම්මලාගේ කැමැත්ත නිසාම මම ගිම්හාන්ට කැමති වුනා.

පවුලේ එකම ගෑනු ළමයා උන මට මිළ මුදල් වලින් කිසිම අඩුවක් නොතිබුන නිසාම මාස 4ක් වගේ කෙටි කාලෙකින් ලොකූ වෙඩින් එකක් අරගෙන මම ගිම්හාන්ගේ බිරිඳ වුණා. දෑවැද්ද විදිහට කුරුණෑගල ලොකු ගෙදරක් වගේම අක්කර 8ක කුරුදු වතු දෙකක් අප්පච්චි මට ලියලා දුන්නා.
“ අනේ ඔයාගේ බෝල ඇස් දෙක , මේ චූටි නහය මට මිරිකන්න හිතෙනව. අද වත් මාත් එක්ක බය නැතුව කතා කරන්න බබා.. මෙච්චර අහිංසක වෙන්න එපා “

මංගල රාත්‍රිය දවසේ ලැජ්ජාවෙන් ඇඹරෙන මම දිහා බලලා ගිම්හන් මාව එයා ලගට ඇදලා ගත්තා. ඒ වෙලාවේ මගේ මුලු ඇඟ දිගේ අකුණක් කෙටුවා වගේ .ඒ තරම්ම මට ලැජ්ජා හිතුනා. එදා රෑ වෙන්නේ මොනවද කරන්නේ මොනවද කියලාවත් මට හිතාගන්න බැරි උනා , මගේ ගෙලෙන් පටන් ගත්ත දෙතොල් පහස නිසා මට උන්හිටිතැන් අමතක උනා. දුහුල් නයිටිය උරහිසින් ගැලවිලා බිමට වැටෙද්දී මම ගිම්හානගේ පහසට නතු වුනා . ජීවිතේ පළවෙනි වරට ලැබුණ ඒ උණුහුමට , ස්පර්ශයට මම ගොඩක් ආදරේ කරා.

මම ගොඩක් සතුටු උනා ගිම්හන වගේ මහත්තයෙක් ලැබුන එකට. අපි නිතර පන්සල් ගියා, ළමා නිවාස වලට දානමාන දුන්නා හරිම සතුටෙන් ජීවත් වුනේ. කාලයත් එක්කම ගිම්හානගේ දරුපැටියා මගේ බඩට ආපු දවසේ ඉදලා ඒ තිබුන ආදරේ තවත් වැඩි උනා.
.පුලුවන් හැමවෙලේම එයා මං ගැන හොයලා බැලුවා.මගේ බඩේ ඉන්න දරු පැටියා එක්ක කතා කරා.

මාස 9කට පස්සෙ අපේ දරු පැටියාව එයා අතට ගත්තේ හරිම ආසාවෙන්.පුංචි පුතු පැටියෙක්.සංකල්පගේ ආඩම්බර මුහුණ දිගැටි ඇස් ඒ විදිහටම පුතාට පිහිටලා තිබුනා.දරුපැටියාගේ වැඩකරගන්න අමාරු නිසාම මම පුතාට මාස 4ක් වගේ වෙනකම් අපේ මහ ගෙදර නතර වෙද්දි ගිම්හාන අපෙ ගෙදර නතර උනා.
හදිසියේම පුතාට බඩු වගයක් ගන්න ඩ්‍රයිවර් අන්කල් එක්ක කුරුණෑගලට ගිය මම එහෙමම අපේ ගෙදර ගියේ ගිම්හානව බලල එන්න. එයාව පුදුම කරවන්න ඕන නිසා මම එන බවක් ගිම්හානට කිව්වේ නෑ .
“වස්තුව මම ඔයාට ගොඩාක් ආදරේ කරනවා.මට මේ වගේ ආදරයක් කවදාවත් ලැබිලා නෑ.”

පුංචි පුතුවත් තුරුළු කරගෙන ගෙට ඇතුළුවෙද්දිම මට ඇහුණේ ගිම්හාන්ගේ කටහඩ.පපුව වේගෙන් ගැහෙන්න පටන් ගද්දී , කකුල් දෙකත් තාලෙට මැන්ඩලින් ගහද්දි හයියට පුතාවත් තුරුළු කරගෙන මම අපේ කාමරයට ගියා
මගේ ඇදේ මගේ මහත්තයා වෙන ගෑනියකගේ නිරුවත් පපුවක් උඩ මූණ තියාගෙන ඒ ගෑනිව සනසනවා. මගේ පපුව පුරා අකුණක් කෙටුව වගේ , කතා කරන වචන එකක් වත් මගෙ හඬින් පිටවුණේ නෑ . ඇස් වලින් කඳුලු කඩාගෙන වැටෙද්දි මම පුතාවත් තුරුළු කරගෙන ටික වෙලාවක් ඒ දෙන්නා දිහා බලාගෙන හිටියා.
ඒ වෙලාවේ ගිම්හන් බය වෙලා ලඟ තිබුණ ටවල් එක ඉණවටේ පටලව ගනිද්දි ගෑණු කෙනා කිසිම ලැජ්ජාවක් නැතුව උපන් ඇඳුම පිටින්ම මගේ ළඟට ආවා.

“ අහ් සං …මේ ඔයාගේ චෑම්ප් නේහ්.ඔයා වගේමයි “ එහෙම කියලා ඒ ගැහැනු කෙනා මගේ දරුවා අල්ලන්න යද්දි මම පස්සට උනා. ඒ වෙලාවෙම ගිම්හාන් ඇවිත් මගේ කම්මුල් වලින් තද කරලා අල්ල ගත්තා.
.”අනේ ප්‍රතිභා.මට සමාවෙන්න.මම කරේ වරදක් කියලා මම දන්නව.ඒත් මට මාව පාලනය කරගන්න බැරි උනා.අනේ මට සමාවෙන්න.”

“මගෙන් උන වැරැද්ද මොකක්ද අයියේ ?මගේම ගෙදර, මගේම ඇඳේ, මගේම ඇස් ඉස්සරහා පිට ඇඟේ නූල් පොටක් වත් නැතුව තවත් ගෑනියෙක් එක්ක කොහොමද ඔයා මෙහෙම ඉන්නේ ? මගෙන් උන අඩුපාඩුව මොකක්ද ?’’
මම ගොත ගහ ගහ අඩ අඩ අහද්දි ගිම්හාන් මාව ඒ පපුවට තදින් තුරුළු කරගත්තා.

“ අනේ මැනික මට සමාවෙන්න මම මහා පව්කාරයෙක්. මෙච්චර දෙයක් වෙලත් ඔයා මෙහෙම අහිංසක විදිහට ඉන්නේ කොහොමද මම මහා පව්කාරයෙක් “ ගිම්හාන් මාව අතඇරලා බිත්තියට අත මිටි මොලවලා ගහගෙන ගියේ පිස්සෙක් වගේ . මම දුවගෙන ගිහින් ඒ අත ඇඳලා ගනිද්දිත් අත නිල් වෙලා තිබුණේ. අපේ කලබලේට පුතුත් කෑගහලා අඩන්න පටන් ගනිද්දි ගිම්හාන් ඇවිත් හිටිය ගෑනු කෙනාට අත දිගඇරලා කම්මුල් පාරක් ගැහුවා

“ කාලකන්නි ගෑනි ,මගේ ජීවිතේ විනාස කරා . කොහොමද මාව මේ දේවල් වලට පොළබව ගත්තේ? සල්ලි නේද ඕන සල්ලි නේද ඕන උ&ට අහ් මේකත් අරගෙන මගේ ඇස් දෙකට පේන්නැතිවෙන්න පලයන් “
ගිම්හානගේ 5000 නෝට්ටු කිහිපයකින් ගෑනිට දමලා ගහද්දි ඒ ගෑනිත් ගස්සගෙන ගියේ මම උ%^$5 ගැන බලාගන්නම් වගේ බැල්මක් දීලා .
අම්ම නිතරම කියන කතාවක් තමයි කවදාවත් කසාදේ කඩගෙන ගෙදර එන්න එපා. ඒක මුළු පවුලටම කරන ලැජ්ජාවක්. දෙන්නෙක් එකට ජීවත් වෙද්දි ප්‍රශ්න එනවා තමයි ඒත් ඒවා ඉවසන්න ගෙදර ගෑනිට පුළුවන් වෙන්න ඕන කියන එක.

අම්මාගේ වදන් මගේ කන්දෙකේ දෝංකාර දෙනකොට පවුලට අවනම්බුවක් කරන්න බැරි නිසාත් මගේ පුතාට එයාගේ අප්පච්චි ඕන නිසත් මම ගිම්හාන් ට සමාව දුන්නා.
බබා එක්ක අම්මලාගේ ගෙදර ගිය නිසා මේ දේ උනා කියලා නිතරම මගේ හිතට දැනුන වරදකාරි හැඟීම නිසාම මම ආයේ එහේ නොයා ඉන්න තීරණය කරා. බිරිඳක් විදිහට මගෙ අතින් වෙන්න ඕන හැම යුතුකමක්ම කරන්න මම තීරණය කරා .

අපි හැමදේම අමතක කරලා ආපහු කලින් ජීවිතේට ආවා. පුතාට අවුරුදු 2හමාරක් වගේ වෙනකොට මම ආයෙත් ලස්සන චූටී දූ පැටියෙක් අම්මා උනා. එදා තරම් ගිම්හාන් සතුටු උන තවත් දවසක් මට මතක නෑ . ඒ තරම්ම ලස්සනට අපේ ජීවිත ගෙවිලා ගියා. කාලය ටික ටික ගෙවිලා යද්දි මම දරුවන්ගේ ගෙදර වැඩ වලට හිර වුන නිසා ගිම්හාන් බිස්නස් වැඩ වලට හිර වුනා.

අපේ පවුල් ජීවිතේ ලස්සනට ගෙවිලා යද්දී මට කියලා මේ ලෝකේ හිටිය අම්මයි අප්පච්චි දෙන්නත් මාව දාලා සදහටම මේ ලෝකෙන් යන්න ගියේ ඩෙංගු මාරයාට බිලිවෙලා. ඒ නිසා ගිම්හාන වගේම මමත් සෑහෙන කාර්‍යබහුල උනා.

හැම දේපලක්ම මගේ නමට තියන නිසා නිතර නිතර ඒ වැඩ වලට ගිහින් අත්සන් කරන්න යන්න කරදර නිසා ගිම්හානගේ ඉල්ලීමට මගේ දේපල හැමදේම මම ගිම්හාන් ට පවරලාදුන්නා. අලුත් බිස්නස් එකක් පටන් ගන්න ලෝන් එකක් ගන්න අපි පදිංචි වෙලා ඉන්න ගෙදරත් මම ගිම්හානගේ නමට ලියලා දුන්නා.
මම කරපු ලොකුම මෝඩ වැඩේ ඒක කියලා මට තේරුම් ගියේ දවසක් රෑ ගිම්හාන් ටිනීශාවත් එක්කගෙන අපේ ගෙදර ආව නිසා. දරුවෝ දෙන්නා සැපට නිදි. ප්‍රශ්නයක් වෙන බව දන්න නිසාම කාමරේ දොර වහලා මම එළියට ආවේ ගිම්හාන එක්ක මේ ගැන කතා කරන්න ඕන නිසා.

” මොකක්ද අයියේ මේ වෙන්නේ ? ඇයි මේ ගෑනී මෙහේ ආවේ ? එයාව ගෙදරින් එලියට දාන්න “
හිතට තරහක් වේදනාවක් ආවත් මම ඒවා පාලනය කරගෙන එහෙම අහද්දී ටිනීශා හයියෙන් කෑගහලා හිනා උනේ ගිම්හානව තදින් බදාගෙන එයාගේ කම්මුලක් කිස් කරන ගමන්
“උඌ&& කවුද ගෑනියේ මාව එළවන්න.මම ආවේ සං ගේ ගෙදර . උබෙන් දැන් වැඩක් නෑ සං ට. දැන් උ&%^% පලයන් මේ ගෙදරින් එලියට. කසාදේ කඩාගන්න ඕන නෑ අවනම්බුයි වගේ හිතනවා නම් මේ ගෙදර හිටපන් මේ ටිනීශාගේ වැඩකාරි විදිහට හා හා හා……. .”

ටිනීශාගේ කතාවත් එක්කම මම බැලුවේ ගිම්හාන් ගේ මූණ දිහා. එයා මම වෙනුවෙන් කතා කරයි කියලා හිතුවට එයා කරේ මගේ ඉස්සරහම ටිනීශාව තවත් තුරුළු කරගත්ත එක . ඔලුවේ අකුණක් පිපිරුවා වගේ දැනෙද්දි මම ඇස් දෙකත් ලොකු කරගෙන බලාගෙන හිටියේ ගිම්හාන් දිහා
“අයියේ මේ………. මම ඔයාගේ වයිෆ් මෙයා මට කොහොමද මෙහෙම කතා කරන්නේ ? ඔයා කොහොමද මේවා බලාගෙන ඉන්නේ “
මම එහෙම කියද්දි ගිම්හාන් මගේ කෙස් වැටියෙන් අල්ලගෙන බෙල්ල පාත් කරේ වියරුවෙන් වගේ

” කොලේක අත්සන් කරපු පළියට උ%%^^ මගේ වයිෆ් වෙන්නෙ කොහොමද? ප්‍රතිභා… හැම පැත්තෙන්ම හිර වෙලා අපිට කරගන්න දෙයක් නොතිබ්බ නිසයි අම්මලාගේ බලකිරීමට මම තමුසෙව මැරි කරෙ.
තමුසෙ වගේම තමුසෙගේ අම්මයි තත්තයි පෝසත් මෝඩයො. ලස්සනට ගොනාට ඇන්දුනා. .දරුවා ලැබෙනකම් මට තමුසෙ ගැන පොඩි ආදරයක් තිබ්බ. එත් ටිනීෂා හම්බුනාට පස්සේ අම්මෝ තමුසෙ මොනාද කියලා හිතුනා. ඒ සැප…..ම්ම්ම්ම්ම්ම්ම්ම් මේවානේ පිරිමියෙක්ට ලැබෙන්න ඕන …………..
මම බයෙන් හිටියේ අර නාකි ජෝඩුව මැරෙන්නේ නැති වෙයිද කියලා .මගෙම වාසනාවට උන්දැලට පරලොව ෆ්ලයිට් එකට ටිකට් එක ඇදුනා. දැන් ඉතින් මේ හැමදේම මගේ නිසා මට කිසි ප්‍රශ්නයක් නෑ . මට උ^%න් වැඩක් නෑ ප්‍රතිභා. උ%$ට පුලුවන් හැමදාම මේ ගෙදර ඉන්න මගේ වැඩකාරි විදිහට මට උ%^ ගැන කිසිම හැඟීම්ක් නෑ ,”

ගිම්හාන් එහෙම කියද්දි මට මං ගැනම පිළිකුලක් ඇති උනා. අවුරුදු 4ක් මම තිරිසනෙක්ට රැවටිලා තිරිසනෙක් එක්ක ජීවත් වෙලා තියෙන්නේ. මට තව දුරටත් මේ මිනිහා එක්ක ජීවත් වෙන්න කිසිම ආසාවක් නෑ.මම දැන් ඉස්සර හිටිය අහිංසක ප්‍රතිභා නෙවේ . මම දැන් දරුවෝ දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්. දරුවෝ ගැන හිතලා මම තීරණයක් ගත්තා. ගිම්හාන් අල්ලගෙන හිටිය මගේ කොන්ඩේ අමාරුවෙන් අත ඇරගත්තා .

උ#ලට ඕන මේ දේපල නම් සේරම ගනින්. තව දුරටත් මම උ$55ලට රැවටෙන මෝඩ ප්‍රතිභා නෙවේ. කරන්න පුළුවන් හැමදේම කරලා රජෙක් වගේ උ#$$ව බලාගත්තේ මම . මේ කරපු පාහර වැඩේට උ$$#ලට අවදාවත් සමාවක් ලැබෙන්නේ නෑ මගෙන් වගේම උඩ ඉන්න දෙයියන්ගෙන් වත් “
ඇස් දෙකයි මූණයි රතු කරගෙන වියරු වැටිලා වගේ මම එහම කියද්දි ගිම්හාන් මම දිහා බලාගෙන හිටියේ හොඳටම පුදුම වෙලා. කවදාවත් මම මේ විදිහට හැසිරිලා නැති නිසා . මම කාමරේට ගිහින් රත්තරන් බඩු ටිකයි ඇදුම් ටිකයි බබාලගේ බඩු ටිකයි ඔක්කොමත් එක්ක බබාලවත් නින්දේන්ම අරගෙන කාමරෙන් එළියට ආවා.

“උ@# යන දිහාවක පලයං ප්‍රතිභා .මගේ දරුවෝ දීලා.”
“ අනේ පිස්සුද සං . මේ හිඟන ගෑනිගේ හිඟන පැටව් ඕන නෑ අපිට. අපි ලස්සන බබෙක් හදමු”
ටිනීශා එහෙම කියද්දි මගේ ඇඟේ හිටිය කාලි යක්ශනී ආවේශ වෙලා මම අත දිගඇරල කනේ පාරක් ටිනීශට ගැහුවේ ටිනීශා ඇදගෙන බිමට වැටෙද්දී.
“එක එකා එක්ක ගිහින් බුදියන මේ වේ%$ ගෑනි ළග මගේ දරු පැට්ව් තියලා යන්නේ නෑ මම. අනික මේ ඉන්නේ හිඟන පැටව් නෙවේ ඒක මතක තියාගනින්. ආයේ මගේ දරු දෙන්නාට වචනයක් කිය්ලා තිබ්බොත් හිඟා කන්න වෙන්නේ උ^^^%ට. අනික මේ තියෙන්නේ මම තමුසෙලාට හිඟමනට

දුන්න දේවල් කියලාත් මතක තියාගන්නවා..”
අහිංසක ප්‍රතිභා මෙතරම් වියරු උනේ කොහොමද කියලා මට ඒ වෙලේ හිතාගන්න බැරි උනා. ගිම්හාන් මම දිහා බලාගෙන හිටියේ ඇස් දෙකත් ලොකු කරගෙන. එදා මම දරු දෙන්නාවත් අරගෙන ඒ ගෙදරින් එළියට බැස්සා. ආත්මගරුත්වය නම්බුව ඒ කිසිදෙයක් නෙවේ මට ඕන උනේ ගෑනියෙක් විදිහට නිදහස ස්වාධීනත්වය. මගේ දරුවන්ගේ අනාගතය.
අම්මයි අප්පච්චි දෙන්නා දුරදිග බලලා මහගෙදරත් එක්ක අනිත් දේපල දරුවෝ දෙන්නාගේ නමට ලියලා තිබුන නිසා මම දරුවො අරගෙන මහගෙදරට ආවා. දරුවෝ දෙන්නව බලාගන්න ගමන් බිස්නස් ටිකත් කරගෙන අතීතය අමතක කරලා අපේ ජීවිත ගොඩනගාගන්න අපිට පුළුවන් උනා.

ඔව් අද තියෙන්නේ ඒ දේවල් වල ප්‍රතිපල .
වසර 26කට පස්සේ මයික් එකක් අතට ගත්තේ මේ වෙලාවේ වචන කිහිපයක් කතා කරන්න ඕන නිසාමයි
“ මම සියෝරාගේ අම්මා. දෝණි, මට හිතේශ පුතා ගැන කිව්ව ගමන් මම දරුවා ගැන හොයලා බැලුවා. ඔයා හොඳ පුතෙක් නිසයි මම මගේ දෝනිව ඔයාට බාර දෙන්නේ. පුතේ මම කියන්නේ අද මේ ලොකූ මංගල සභාවක් මැද්දේ මම මගේ දෝණිව ඔයාට බාර දෙනවා. කවදා හරි දවසක ඔයාට මගේ දෝණි ගැන තියන ආදරේ අඩු උනොත් මේ විදිහටම මට මගේ දෝණිව භාරදෙන්න. දෝණී ඔයත් මතක තියාගන්න ඔයා ඕනම වෙලාවක මගේ ළගට එන්න. මට ඔයාව බරක් නෙවේ ලැජ්ජාවක් නෙවේ. මම ඇස් දෙක වගේ ඔය දෙන්නාව හැදුවේ. හැමදාම සතුටින් ඉන්න රත්තරනේ මම හදවතින්ම සුබ පතනවා “

මංගල සභාවේ අත් පොළසන් නාද මැද්දේ මගේ රත්තරන් දරුවෝ දෙන්නාම දුවගෙන ඇවිත් මට තුරුළු උනා. මගේ ජීවිතේ මගේ අම්මලා මට කරපු වැරැද්ද මම මගේ දරුවන්ට වෙන්න දුන්නේ නෑ .
එයාලට හොඳට ඉගැන්නුවා ස්වාධීනව ජීවත් වෙන්න කියලා දුන්නා. තනියම ජීවත් වෙන්න හොඳ නරක ඉගෙන ගන්න මම එයාලට අවස්තාවක් දුන්නා . අද මගේ දුව වෛද්‍යවරියක් වෙලා විවාහා ජීවිතේකට ඇතුලත් වෙනවා, මගේ පුතා ගුවන් නියමුවෙක් . මම සමාජේ ඉහලින්ම වැජඹෙන ව්‍යාපාරික කාන්තාවක් .
…………………….
මම කොතරම් ශක්තිමත් කාන්තාවක් උනාද කියනවා නම්
ගිම්හානගේ අවසාන දවස් කිහිපය ගෙවිලා ගියෙත් මගේ දුවගේ බෙහෙත් හේත් සහ මගේ සැලකිලි මැද . ගිම්හාන මෙහේ දේපළ සේරම විකුණලා ටිනීශා එක්ක පිටරට පදිංචියට ගියාට පස්සේ ටිනීශා පිටරට තවත් පිරිමි එක්ක සම්බන්ධතා පවත්වල තියනවා . ඒ නිසා අවසානේදි ගිම්හානටත් සිද්දවුනේ කිසිදා සුව නොවෙන සමාජ රෝගයක් එක්ක තනිවෙන්න. ඒ නිසාම අවසානෙදි සියලු වැරදි වලට පසුතැවුණ ගිම්හාන නතර උනේ මගේ දෙපාමුල.

සමාව දෙන්න බැරි තරම් ගිම්හාන වැරදිකාරයෙක් උනත් මනුස්සකම නිසාම ගිම්හානගේ අවසාන කාලයේ පිහිට වෙන්න මමයි දරුවෝ දෙන්නයි තීරණය කරා.

ඒ නිසාම තමා අද ප්‍රතිභා සැනසීමෙන් සතුටෙන් ජීවත් වෙන්නේ. එදා අහිංසක ප්‍රතිභා යකඩ හයිය ගෑනියක් වෙලා එළියට බැස්සේ නැත්තම් අද මේ කිසිම දෙයක් නැති වෙන්න තිබුනා. අමාරුම තීරණයක් උනත් දුරදිග බලල ගත්ත නිසා අද මම සැනසීමෙන් ජීවත් වෙනව . ඉතින් දැන් මගේ ජීවිතේ සර්ව සම්පූර්ණයි.
නිමි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *