ඒ අහංකාර හඬ මුළු කාර්යාල කාමරය පුරාම දෝංකාර දුන්නේ අවට සිටි සියල්ලන්ගේම නෙත් එක දෙසකට යොමු කරවමිනි. සල්ලි, බලය, සහ සමාජ තත්ත්වය කියන දේවල් මිනිසෙකුගේ හදවත කෙතරම් නම් නපුරු සහ ගල් කළ හැකිදැයි පසක් කරමින් ඒ වදන් පෙළ වාතයට මුසු විය.
හිමායා කියන්නේ හරිම අහිංසක, ඒ වගේම තමන්ගේ පාඩුවේ, තමන්ගේම ලෝකයක ඉන්න කැමති වුණු කෙල්ලෙක්. ඇය සතු වුණේ නිහඬ සුන්දරත්වයක්. ජීවිතයේ හැලහැප්පීම් දහසක් මැද වුණත් ඇය නිරන්තරයෙන්ම උත්සාහ කළේ මුහුණේ සිනහවක් රඳවාගෙන තමන්ගේ පවුල වෙනුවෙන් උපරිමයෙන් කැපවෙන්න. ඇය රැකියාව කළේ නගරයේ තියෙන ඉතාමත් ප්‍රසිද්ධ, දැවැන්ත ව්‍යාපාරික කම්පැණි එකක.
රන්දීර් කියන්නේ ඒ කම්පැණි එකේම වැඩ භාරගත්ත අලුත් බොස්. ඔහු තරුණයි, හැදෑරීම් අවසන් කර විදේශගතව සිට පැමිණි අයෙක්. නමුත්, සල්ලි සහ බලය වගේම අහංකාරකම ඔහුගේ නහර පුරාම දුවමින් තිබුණා. ඔහු හිතුවක්කාරයි. අන් අයගේ හැඟීම්වලට වඩා තමන්ගේ තීරණ සහ තමන්ගේ වටිනාකම් උසස් කොට සැලකීම රන්දීර්ගේ ස්වභාවය වුණා.
දවසක් හිමායා හදිසි මූල්‍ය වාර්තා සහ ෆයිල් වගයක් අරන් රන්දීර්ගේ කැබින් එකට ගියා. ඒ වෙලාවේ රන්දීර් හිටියේ ඉතාමත් බැරෑරුම් දුරකථන ඇමතුමක. හිමායා බියෙන් සහ ගෞරවයෙන් යුතුව මේසය අසලට ලං වෙද්දී, ඇය අතින් නොහිතපු විදිහට මේසේ උඩ තිබ්බ උණුසුම් කෝපි කෝප්පය රන්දීර්ගේ ඇඟට හැලුණා.
”සොරි සර්… මට ඇත්තටම සමාවෙන්න සර්! මං ඕනකමින් කළේ නෑ… මගේ අත වැදුණා විතරයි…”
හිමායා බයෙන් මුළු ඇඟම ගැහි ගැහි, දෑස් ලොකු කරගෙන කිව්වා. රන්දීර් කේන්තියෙන් පුටුවෙන් නැගිට්ටා. එයාගේ ඇස් දෙක ක්‍රෝධයෙන් රතු වෙලා තිබ්බේ. තමන්ගේ මිල අධික සූට් එක පුරා කෝපි පැල්ලම් විහිදී යන දෙස ඔහු බැලුවේ පිළිකුලෙන්.
”තමුසෙට ඇස් පේන්නේ නැද්ද හිමායා?! තමුසේ දන්නවද මේ සූට් එක කීයක් වෙනවද කියලා? තමුසෙගේ මාස තුනක පඩිය එකතු කළත් මදි ඇති මේ වගේ එකක් ගන්න! තමුසෙලා වගේ සිල්ලර මිනිස්සුන්ව වැඩට ගත්ත එකයි මගේ වැරැද්ද!”
”අනේ සර්… මං… මං ඒක පිහදන්නම්…” හිමායා දෑස්වල කඳුළු පුරවාගෙන, වෙව්ලන දෑතින් ටිෂූ එකක් අරන් ලං වෙන්න හැදුවා.
”අතනින් ඉන්නවා! මගේ ඇඟට ලං වෙන්න එන්න එපා. තමුසෙලා වගේ ගම්වලින් කුණු ලෙවකකා ආපු එවුන්ව මේ වගේ ප්‍රසිද්ධ තැන්වලට ගන්න කොටම මං දන්නවා. කිසිම හික්මීමක් නැති මෝඩ ගෑනු!”
රන්දීර් කිව්වේ හිමායාගේ ආත්මගරුත්වයටම මාරාන්තික ප්‍රහාරයක් එල්ල කරමින්. හිමායාගේ ඇස්වලින් කඳුළු කැට කම්මුල් දිගේ බේරෙන්න පටන් ගත්තා. නමුත්, හැමදාම අනුන්ගේ අපහාස ඉවසපු හිමායාගේ හිතේ මේ පාර ඇති වුණේ දැඩි වේදනාවක් සහ ආත්ම අභිමානයක්. ඇය තමන්ගේ කඳුළු පිසදමා, කෙළින්ම රන්දීර්ගේ රතු වුණු ඇස් දිහා බලලා කතා කළා.
”සර්… වැරැද්දක් වුණා තමයි. මං ඒකට මුලින්ම සමාව ඉල්ලුවා. ඒ වැරැද්දට මට බනින්න, මගේ පඩියෙන් කපාගන්න. හැබැයි සර්, හැරෙන හැරෙන පාරට මගේ ගමටයි, මගේ තත්වෙටයි, මගේ අම්මලා තාත්තලා මාව හදපු විදිහටයි අපහාස කරන්න එපා! සල්ලි තිබුණ පළියට මනුස්සකම සල්ලිවලට ගන්න බෑ සර්!”
රන්දීර්ට ඒ වදන්වලින් තවත් කේන්ති ගියා. කවුරුත්, මේ කම්පැණි එකේ කිසිම කෙනෙක් එයාට මෙහෙම එදිරිව, කෙළින්ම ඇස් දෙස බලා කතා කරලා තිබ්බේ නෑ. ඔහුට එය දරාගත නොහැකි සිදුවීමක් වුණා.
”හා… එහෙනම් කටත් හොඳට තියෙනවා. බලමුකෝ තමුසෙ කොහොමද මේ ඔෆිස් එකේ ඉස්සරහට ඉන්නේ කියලා. මං තමුසෙට පෙන්නන්නම් රන්දීර් කියන්නේ කවුද කියලා! අදින් පස්සේ තමුසෙගේ ජීවිතේ මං අපායක් කරනවා!”
එදායින් පස්සේ රන්දීර් හිමායාට ඔෆිස් එකේදී නොසෑහෙන්න වද දෙන්න පටන් ගත්තා. හැමෝම ඉස්සරහා පොඩි වැරැද්දටත් කෑගහලා බනින එක, අන් අය ප්‍රතික්ෂේප කරන අසීරු වැඩ පවරන එක, සහ රෑ වෙනකන් වැඩ පටවන එක එයාගේ දෛනික පුරුද්දක් වුණා. හිමායා ඒ හැමදේම නිහඬව ඉවසුවා. ඇයට වෙනත් විකල්පයක් තිබුණේ නැහැ.
දිනක් හවස හයට විතර, අනෙක් සියලුම සේවකයින් නිවසට යාමට සූදානම් වෙද්දී, රන්දීර් හිමායාව නැවතත් තමන්ගේ කැබින් එකට කැඳෙව්වා. ඔහු ඉදිරියේ විශාල ලිපිගොනු තොගයක් තිබුණා.
”හිමායා, මෙන්න මේ මූල්‍ය රිපෝට්ස් පහම අද රෑ දොළහ වෙන්න කලින් සම්පූර්ණයෙන් ටයිප් කරලා, විශ්ලේෂණය කරලා මගේ මේල් එකට දාන්න ඕන. නැත්නම් හෙට ඉඳන් වැඩට එන්න ලෑස්ති වෙන්න එපා. තමුසෙව අස් කරනවා.”
”සර්… මේ ඔක්කොම අද රෑට තනියම කරන්න බෑ සර්. අනික දැන් වෙලාව හයයි. මං ඉන්නේ නගරයෙන් ගොඩක් ඈත ගමක. තව ටිකකින් මට ගමට යන්න තියෙන අවසාන බස් එකත් නැති වෙනවා සර්… අනේ මට මේක හෙට උදේට කරලා දෙන්න අවසර දෙන්න…” හිමායා දෑත් එකතු කර බැගෑපත් වුණා.
”ඒවා මට වැඩක් නෑ හිමායා. තමුසෙගේ ගම්වල ප්‍රශ්න මෙතනට අදාළ නෑ. එක්කෝ වැඩේ ඉවරා කරලා මෙතනින් පලයන්, නැත්නම් දැන්ම අස්වීමේ ලියුම ලියලා තියලා පලයන්!” රන්දීර් කිව්වේ හරිම නපුරු, පළිගැනීමේ සිනහවක් මුහුණට මතු කරගනිමින්.
හිමායා වෙනත් කරන්නට දෙයක් නොමැති තැන, තමන්ගේ අසුනට ගොස් අඬ අඬාම රෑ වෙනකන් වැඩ කළා. රෑ නවය, දහය වෙද්දී මුළු ඔෆිස් එකේම පාළු මූසල බවක් රජ කළා. කිසිම මිනිසෙක් අවට සිටියේ නැහැ. ආරක්ෂක නිලධාරියා පමණක් පහළ ගේට්ටුව අසල සිටියා. හිමායා අධික මහන්සිය සහ බිය නිසා මේසෙට ඔළුව තියාගෙන අඬනවා රන්දීර් තමන්ගේ කැබින් එකේ සිට සීසීටීවී (CCTV) තිරයෙන් බලාගෙන හිටියා.
ඇගේ වෙව්ලන උරහිස් සහ හැඬුම් බර මුහුණ දකිද්දී, රන්දීර්ගේ දැඩි හිතට මොහොතකට නොදැනුණු පශ්චාත්තාපයක්, අමුතුම රිදුමක් දැනුණා. නමුත්, තමන්ගේ උඩඟුකම නිසා ඔහු ඒ හැඟීම අහක දාලා, කාර්යාලයෙන් පිටවෙලා තමන්ගේ සුඛෝපභෝගී නිවස බලා යන්න ගියා.
හැබැයි පහුවදා හිමායා ඔෆිස් ආවේ නෑ. එයාගේ අසුන හිස්ව තිබෙනවා දකිද්දී රන්දීර්ට මුළු ඔෆිස් එකම පාලුයි වගේ, කිසිම වැඩක් කරගන්න බැරි තරමට නොසන්සුන් බවක් දැනුණා. නිතරම තමන් ඉදිරියේ ගැහෙමින් සිටි ඒ අහිංසක රූපය සිහිපත් කරමින්, ඔහු අවසානයේ කාර්යාලයේ පැරණි පියන් කෙනෙක් වෙන සුමනදාසගෙන් ඇහුවා.
”සුමනදාස… අර… අර හිමායා කෝ අද? තවම වැඩට ඇවිත් නෑ නේද?” රන්දීර් සාමාන්‍ය ස්වරයකින් අහන්න උත්සාහ කළා.
”අනේ මන්දා සර්… ඒ අහිංසක ළමයට ඊයේ රෑ යන්න බස් එකක්වත් තිබ්බේ නෑලු සර්. මහා වැස්සක් වැස්සනේ ඊයේ රෑ. වැස්සේ තෙමි තෙමි, පයින්මයි මහ රෑ බස් හෝල්ට් එකට ගිහින් තියෙන්නේ. ගෙදර යද්දී පාන්දර වෙලාලු. දැන් හොඳටම උණ ගැනිලා සිහියක් නැතුව ඉන්නවා කියලා එයාගේ යාළුවෙක් මට කිව්වා සර්…” සුමනදාස කනගාටුවෙන් කිව්වා.
රන්දීර්ගේ හිතට ඒ වෙලාවේ අකුණක් ගැහුවා වගේ තදබල පසුතැවීමක් ආවා. “දෙවියනේ… මං එයාට වද දුන්නා වැඩියිද? මගේ තරහව නිසා ඒ කෙල්ල මහා වැස්සේ අසරණ වුණා නේද?” ඔහු තමන්ගෙන්ම අහගත්තේ දරාගත නොහැකි වරදකාරී හැඟීමකින්.
හිමායා ජීවත් වුණේ නගරයෙන් ඈත කුඩා නිවසක, ඇගේ වයසක අම්මයි, තවමත් පාසල් යන කුඩා මල්ලි එක්කයි. පියා වසර කිහිපයකට පෙර මියගොස් තිබූ අතර, මුළු ගෙදරම ආර්ථික බර, ජීවන වියදම තියෙන්නේ හිමායාගේ මේ පොඩි අත උඩ. හිමායා අධික උණෙන් වෙව්ලමින් ඇඳේ ඉන්නකොට, අම්මා ඇගේ නළල උඩින් තෙත රෙදිකඩක් තබමින් ළඟට ආවා.
”චූටි දුවේ… මගේ රත්තරන් දුවේ… ඔය ඔෆිස් එකේ ඉන්න බොස් ඔයාට ගොඩක් වද දෙනවා නේද අම්මේ? මට ඊයේ රෑ ඔයාගේ ඔෆිස් එකේ යාළුවෙක් කතා කරලත් කිව්වා. රස්සාව නැති වුණත් කමක් නෑ දුවේ… අපිට බඩගින්නේ ඉන්න වුණත් කමක් නෑ… ඔයා ඔය තරම් වද විඳින්න, දුක් විඳින්න ඕන නෑ… අපි වෙන මොනවා හරි කරමු…” අම්මා කඳුළු සලමින් හිමායාගේ ඔළුව අතගෑවා.
”නෑ… නෑ අම්මේ… සර් මට බනින්නේ මගේ වැරදිවලට වෙන්න ඇති. සර් පිටතින් නපුරු වුණාට නරක කෙනෙක් නෙවෙයි. මං මේ රස්සාව දාලා ආවොත් අපිට ජීවත් වෙන්න විදිහක් නෑනේ අම්මේ… මල්ලිගේ ඉස්කෝලේ වැඩ තියෙනවා, ලබන මාසේ ගෙවල් කුලී ගෙවන්න ඕන, අම්මගේ බෙහෙත්වලට සල්ලි ඕන… මං කොහොමහරි ඉවසන්නම් අම්මේ… මට ඉක්මනට සනීප වෙයි…” හිමායා අමාරුවෙන්, වේදනාව හංගගෙන හිනාවෙලා කිව්වා.
දවස් දෙකකට පස්සේ, ශරීරය තවමත් දුර්වල වුණත්, හිමායා ආයෙත් ඔෆිස් ආවා. ඇය හිටියේ ගොඩක් කෙට්ටු වෙලා, මුහුණ මැලි වෙලා, ඇස් වටා කළු වී තිබුණා.
රන්දීර් තමන්ගේ කැබින් එකේ සිට හිමායා දිහා හොරෙන් බල බලා හිටියා. ඇගේ ඒ මැලවුණු රූපය දකිද්දී රන්දීර්ගේ හිත ඇතුළෙන් මහා ආදරයක්, අනුකම්පාවක් උපන්නත්, කාලයක සිට තමන් රැකගත් ඒ ව්‍යාජ අහංකාරකම නිසා ඔහු ඒ බවක් පිටතට පෙනන්නුවේ නෑ. ඔහු ඇයව කැබින් එකට කැඳෙව්වා.
”හිමායා, මෙන්න මේ ෆයිල් එක බලන්න. තමුසේ නිවාඩු ගත්ත දවස් දෙකට කම්පැණි එකේ වැඩ ගොඩක් පාඩු වුණා. ඒ වැඩ ටික කවුද කරන්නේ?” රන්දීර් තදින් අසන්නට උත්සාහ කළා.
”සමාවෙන්න සර්… මගේ වැරැද්ද. මං ඒ මගහැරුණු වැඩ ටික අද රෑ වෙන්න කලින් කොහොමහරි ඉවර කරන්නම් සර්.” හිමායා කිසිම තර්කයක්, කිසිම පෙරළා ප්‍රකාශයක් නැතුව හිස බිමට නමාගෙන කිව්වා. ඇගේ ඒ නිහඬ බව, ඇස්වල තිබූ අසරණකම රන්දීර්ගේ හිතට තියුණු කඩුවකින් අනින්නාක් වැනි වදයක් දුන්නා.
මාසයක් විතර ගත වුණා. රන්දීර්ගේ හැසිරීම්වල යම් වෙනසක් සිදුවෙමින් පැවතුණා. ඔහු හිමායාට අනවශ්‍ය ලෙස කෑගැසීම නතර කර තිබුණා. මේ අතර, රන්දීර්ගේ අම්මා, මාලිනී, දවසක් හදිසියේම ඔෆිස් එකට ආවා. මාලිනී කියන්නේ හරිම ආඩම්බර, හැම මනුස්සයෙක්වම සල්ලිවලින් සහ කුලයෙන් මනින නපුරු ගැහැනියක්. ඇය පැමිණියේ රන්දීර්ට ගැලපෙන, රටේ ඉහළම සල්ලිකාර පවුලක දියණියක් වන ‘අනුත්තරා’ ගැන කතා කරන්නයි.
කැබින් එක ඇතුළේ මව සහ පුතා අතර සිදුවන උණුසුම් සංවාදය පිටත සිටි හිමායාට පැහැදිලිව ඇහුණා.
”රන්දීර්! මං කියන දේ අහලා අනුත්තරාව කසාද බැඳපන්. ඒගොල්ලන්ගේ බිස්නස් සහ දේපළ අපේ කම්පැණි එකට එකතු වුණාම, අපි තමයි මුළු ලංකාවේම ඉන්න ලොකුම ව්‍යාපාරිකයෝ වෙන්නේ. සමාජයේ අපේ නම තවත් ඉහළ යනවා!” මාලිනී අණ දෙන ස්වරයකින් කිව්වා.
”අම්මේ! මට කසාදයක් ගැන හිතන්න බැහැ දැන්ම. මං බිස්නස් කරන්නේ මගේ දක්ෂතාවයෙන්. සල්ලි තියෙන පවුල්වලින් කසාද බැඳලා මට තවත් සල්ලි එකතු කරන්න වුවමනාවක් නැහැ. මගේ ජීවිතය තීරණය කරන්නේ මම!” රන්දීර් දැඩි අකමැත්තෙන් සහ කෝපයෙන් කිව්වා.
”උඹ හිතුවක්කාර වෙන්න එපා රන්දීර්! මං උඹේ අම්මා. මං කියන දේ විතරයි මේ ගෙදර සිද්ධ වෙන්න ඕන!” මාලිනී කේන්තියෙන් පුටුවෙන් නැගිටලා කැබින් එකෙන් එළියට යන්න ගියා.
යන ගමන්, කෝපය නිසාම මාලිනීගේ උස් අඩි උත්පත්තිය ඇති සෙරෙප්පු කකුල පැටලිලා, ඇය බිම වැටෙන්න ගියා. ළඟම ලියකියවිලි සකසමින් සිටි හිමායා, කිසිදු පැකිලීමකින් තොරව දුවලා ගිහින් මාලිනීව වැටෙන්න නොදී තමන්ගේ දෑතින්ම අල්ලගත්තා. හැබැයි මාලිනී හිමායාව එක පාරටම පිළිකුලෙන් තල්ලු කරලා දැම්මා. හිමායා මේසයක වැදී බිම ඇද වැටුණා.
”අතඇරපන් මාව! කවුද තමුසේ වගේ කුණු සේවකයෙක් මගේ ඇඟ අල්ලන්න?! තමුසෙලා වගේ අඩු කුලේ, හිඟන එවුන් මගේ ඇඟේ හැප්පෙන්න එනවා… මගේ ඇඟත් කිලුටු වුණා!” මාලිනී මුළු ඔෆිස් එකටම ඇහෙන්න හිමායාට කෑගැහුවා.
ඒ වෙලාවේ කැබින් එකේ දොර ඇරගෙන එළියට ආපු රන්දීර්ට ඒ දර්ශනය දැකලා එක පාරටම මුළු ඇඟම ගිනි ගත්තා වගේ කේන්ති ගියා. හැබැයි ඒ කේන්තිය හිමායා එක්ක නෙවෙයි, තමන්ගේම ආත්මාර්ථකාමී අම්මා එක්ක! හිමායා බිම වැටී, තමන්ගේ වැලමිට තුවාල වී, ඇස්වලින් කඳුළු කඩාගෙන වැටෙන ආකාරය රන්දීර් බලා සිටියා. ඔහු වහාම හිමායා අසලට ගොස් ඇයව නැගිටුවීමට උත්සාහ කළ අතර, අම්මා දෙසට හැරුණා.
”අම්මේ…! ඇති කරගන්න ඔය සල්ලි උන්මාදය! එයා මගේ ඔෆිස් එකේ වැඩ කරන ඉතාමත් ගෞරවනීය කෙනෙක්. එයා හැදුවේ වැටෙන්න ගිය අම්මව බේරගන්න මිසක් අම්මගේ සල්ලි කොල්ලකන්න නෙවෙයි! එයාට අපහාස කරන්න, කෑගහන්න මගේ අම්මා වුණත් අම්මට කිසිම අයිතියක් නෑ!” රන්දීර් මුළු කාර්යාලයම කම්පා කරමින් සද්දෙන් කිව්වා.
මාලිනී පුදුමයෙන් සහ දැඩි ලැජ්ජාවෙන් රන්දීර් දිහා බැලුවා. “රන්දීර්… උඹ… උඹ මේ වගේ සුළු සේවකයෙක්, මේ වගේ තුට්ටු දෙකේ කෙල්ලෙක් වෙනුවෙන් උඹව හදපු අම්මටද කෑගැහුවේ? හොඳයි… බලාගමු!” මාලිනී තරහෙන් සහ වෛරයෙන් ඔෆිස් එකෙන් පිටවෙලා ගියා.
එදා හවස ඔෆිස් එක ඉවර වුණා. හිමායා තමන්ගේ තුවාල වුණු අතත් අල්ලාගෙන, මැලවුණු හදවතින් බස් හෝල්ට් එක දෙසට පිය නැගුවා. අහස කළු කරගෙන මහා වැස්සක ලකුණු පහළ වෙමින් තිබුණා. රන්දීර් තමන්ගේ සුඛෝපභෝගී කාර් එකෙන් හිමින් හිමින් හිමායා පස්සෙන් ආවා. ඔහු කාර් එක හිමායා ළඟ නතර කළා.
”හිමායා… නගින්න කාර් එකට. මං ඔයාව ගෙදරට ඇරලවන්නම්.” රන්දීර් කාර් එකේ වීදුරුව පාත් කරලා ඉතාමත් කරුණාවෙන් කිව්වා.
”එපා සර්… ස්තූතියි. මං බස් එකේ යන්නම්. මට පුරුදුයි.” හිමායා බිම බලාගෙන, තමන්ගේ දුරස්ථභාවය තබාගනිමින් කිව්වා.
”මං කිව්වම අහලා නගින්න හිමායා. මේක මං ඔයාට බොස් කෙනෙක් විදිහට අණ කරනවා නෙවෙයි… වැස්සට තෙමුණොත් ආයෙත් ඔයාට උණ ගනීවි…” රන්දීර්ගේ කටහඬ මේ පාර මෘදු වෙලා, ආදරයෙන් පිරිලා තිබ්බා.
හිමායා මොහොතක් අදිමදි කරලා, වැස්ස පොද වැටෙන්න පටන් ගත්තු නිසා කාර් එකේ ඉදිරි අසුනෙන් වාඩි වුණා. කාර් එක ඇතුළේ ලොකු නිශ්ශබ්දතාවයක් තිබ්බා. වැහි බිංදු කාර් එකේ වීදුරුවල වදින හඬ පමණක් ඇසුණා. රන්දීර් ගැඹුරු හුස්මක් අරන් කතාව පටන් ගත්තා.
”හිමායා… මට සමාවෙන්න. මං මීට කලින් ඔයාට නොසෑහෙන්න රිද්දුවා, නපුරුකම් කළා. මං සල්ලි සහ බලය නිසා අන්ධ වෙලා හිටියේ. හැබැයි මගේ අම්මා අද ඔයාට හැසිරුණු විදිහ සහ ඔයා ඒ හැමදේම ඉවසපු විදිහ දැක්කමයි මට තේරුණේ, මමත් මීට කලින් ඔයාට කරලා තියෙන්නේ ඒ වගේම මහා අපරාධයක් කියලා. මගේ අහංකාරකම නිසා ඔයා ගොඩක් ඇඬුවා නේද හිමායා?”
හිමායා රන්දීර් දිහා බැලුවේ අදහාගත නොහැකි පුදුමයකින්. ඇගේ දෑස්වල කඳුළු දිලිසුණා.
”සර්… මං සර් එක්ක කිසිම තරහක් නෑ. සර්ලා උපතින්ම සල්ලිකාරයෝ. උපදිනකොටම හැම සැප සම්පතක්ම ලැබුණු සර්ලට, අපේ වගේ දුප්පත් මිනිස්සුන්ගේ බඩගින්න, රස්සාවක් නැති වීමේ බය, ජීවත් වෙන්න කරන අරගලය තේරෙන්නේ නෑ සර්… ඒක සර්ගේ වැරැද්දක් නෙවෙයි, සමාජයේ වැරැද්ද.”
”නෑ හිමායා… සල්ලි තිබ්බට මේ ලෝකේ හැමෝම සතුටින් නෑ. මගේ රන් මාලිගාවක් වගේ තියෙන ගෙදර හැමදාම තියෙන්නේ සල්ලි සහ බලය වෙනුවෙන් කරන රණ්ඩු විතරයි. මගේ අම්මට ඕන සල්ලි විතරයි. මට කවුරුත් නෑ හිමායා ඇත්තටම මගේ හිත තේරුම් අරන්, මට අවංකවම ආදරේ කරන්න… මං මහා තනිකමකයි ජීවත් වුණේ…” රන්දීර් දුකෙන් සහ බිඳුණු හඬින් කිව්වා.
හිමායාට රන්දීර් කෙරෙහි තිබ්බ සියලුම තරහවල්, අමනාපකම් ඒ මොහොතේම දිය වෙලා ගියා. ඒ වෙනුවට ඇගේ හිතේ ඔහු කෙරෙහි ඇති වුණේ කියා නිම කළ නොහැකි අනුකම්පාවක් සහ ආදරයක්.
කාලය සති කිහිපයකින් ඉතාමත් වේගයෙන් ගෙවිලා ගියා. රන්දීර් දැන් හිමායාට ගොඩක් ආදරෙයි. එයා හිමායාට නපුරුකම් කරන එක, වැඩ පටවන එක සම්පූර්ණයෙන්ම නතර කරලා, ඇයට හැමදේකදීම රහසින් වගේම ප්‍රසිද්ධියේ උදව් කරන්න පටන් ගත්තා. හිමායාගේ මුහුණේ නැවතත් ලස්සන සිනහවක් මතු වුණා. ඔෆිස් එකේ හැමෝම මේ වෙනස බලා සිටියේ පුදුමයෙන්.
දවසක් රන්දීර් හිමායාව නගරයේ තිබූ ඉතාමත් නිස්කලංක, ලස්සන රෙස්ටුරන්ට් එකකට එක්කන් ගියා. එහි තිබූ මඳ ආලෝකය මැද, රන්දීර් හිමායාගේ වෙව්ලන දෑතින් තදින් අල්ලාගත්තා.
”හිමායා… මං දන්නවා මං මුලින්ම ඔයාගේ හිතට ගොඩක් රිද්දුවා කියලා. හැබැයි දැන් මට ඔයා නැතුව මගේ ජීවිතේ ගැන හිතන්නවත් බෑ. ඔයාගේ ඒ පිරිසිදු, අහිංසක හදවතට මං මගේ පණටත් වඩා ආදරේ කරන්න පටන් අරන්… අනේ මගේ ජීවිතේට ආලෝකයක් වෙලා මාව බාරගන්න බැරිද හිමායා?”
හිමායා එක පාරටම ගැස්සුණා. ඇය සතුටු වුණත්, ඇගේ යථාර්ථය ඇයට සිහිපත් වුණා.
”අනේ සර්… ඒක වෙන්න බැරි, කවදාවත් සිද්ධ නොවන හීනයක් විතරයි සර්. මාලිනී මැඩම් මේ වගේ සම්බන්ධෙකට කීයටවත් කැමති වෙන්නේ නෑ. අනික අපි දෙන්නා අහසයි පොළොවයි වගේ. කිසිම දේකින් ගැලපෙන්නේ නෑ සර්…”
”මට මගේ අම්මගෙන්වත්, මේ සමාජයෙන්වත් වැඩක් නෑ හිමායා! මං බඳින්නේ මට ආදරේ කරන, මං ආදරේ කරන මගේ හිමායාව විතරයි. ඔයා මට කැමතියි කියලා විතරක් කියන්න…” රන්දීර් ස්ථිරවම, අධිෂ්ඨානශීලීව කිව්වා. හිමායාගේ හිතෙත් රන්දීර් ගැන විශාල ආදරයක් තිබ්බ නිසා ඇය දෑස් පියාගෙන, සතුටු කඳුළු වගුරුවමින් හිස සලා ඇගේ කැමැත්ත දුන්නා.
හැබැයි මේ ආදර අන්දරයේ ආරංචිය මාලිනීගේ කනට යන්න වැඩි කලක් ගියේ නෑ. මාලිනී ක්‍රෝධයෙන් උමතු වුණා. ඇය රන්දීර් කාර්යාලයේ නැති වෙලාවක් බලා, රහසිගතවම හිමායා ජීවත් වන දුප්පත් ගම්මානයේ නිවස සොයාගෙන කෙලින්ම එතැනට ගියා.
හිමායාගේ වයසක අම්මා පුදුමයෙන් දොර ඇරියා. මාලිනී කිසිදු අවසරයකින් තොරව, ඉතාමත් උඩඟු ලෙස ගෙට කඩා වැදුණා.
”තමුසෙද හිමායා කියන ඒ වැදගත්කමක් නැති කෙල්ලගේ අම්මා?! තමුසෙලා වගේ එවුන් තමන්ගේ දූලව හදලා තියෙන්නේ සල්ලිකාර පවුල්වල ඉන්න තරුණ කොල්ලන්ව දැලේ දාගෙන, උන්ගේ සල්ලිවලින් සැප විඳින්නද?!” මාලිනී සාලේ තිබ්බ ප්ලාස්ටික් පුටුවකට පයින් ගහලා මුළු ගමම ඇහෙන්න කෑගැහුවා.
”අනේ මැඩම්… මොකක්ද මේ කියන අපරාධ කතාව? මගේ දුව කවදාවත් සල්ලි පස්සේ යන, අනුන්ගේ දේවලට ආශා කරන කෙනෙක් නෙවෙයි මැඩම්…” අම්මා බයෙන් අඬන්න පටන් ගත්තා.
හරියටම ඒ වෙලාවේ හිමායා රැකියාව නිමවී ගෙදර ආවා. නිවස ඇතුළේ සිටින මාලිනීව දැකලා ඇගේ මුළු ඇඟම සීතල වෙලා බය වුණා.
”මැඩම්… ඇයි මේ…”
”වහපන් කට හිමායා! තමුසේ මගේ එකම පුතාව මන්ත්‍ර බලයකින් වගේ මුලා කරගත්තා නේද? මතක තියාගනින්… තමුසේ මගේ පුතාගේ ජීවිතයට එන්න හැදුවොත්, මං තමුසෙගේ මේ පවුලම අළු දූවිලි කරලා විනාශ කරනවා! තමුසෙගේ මේ වයසක අම්මව පාරට ඇදලා දානවා. ඒ වගේම තමුසෙගේ ඉස්කෝලේ යන පොඩි මල්ලිව හෙටම ඉස්කෝලෙන් අස් කරවනවා! තමුසෙලව මේ රටේ කොහේවත් ජීවත් වෙන්න තියන්නේ නෑ! මට ඒකට ඕනෑවටත් වඩා සල්ලි සහ දේශපාලන බලය තියෙනවා!” මාලිනී රුදුරු ලෙස තර්ජනය කළා.
හිමායා තමන්ගේ අහිංසක මල්ලිගේ සහ අම්මාගේ මුහුණු දෙස බැලුවා. ඇයට තමන්ගේ ආදරයට වඩා තමන්ගේ පවුලේ අයගේ ජීවිත වටිනා වුණා. ඇය මාලිනීගේ කකුල් දෙක ළඟ වැටුණා.
”අනේ මැඩම්… මගේ අම්මට, මගේ අහිංසක මල්ලිට මුකුත් කරන්න එපා… මං වැඳලා කියන්නම්. මං… මං පොරොන්දු වෙනවා රන්දීර් සර්ගෙන්, එයාගේ ජීවිතෙන් සදහටම ඈත් වෙන්නම් කියලා… අනේ මගේ පවුලට රිද්දන්න එපා මැඩම්…” හිමායා හදවත පැළෙන තරම් වේදනාවෙන් අඬමින් පොරොන්දු වුණා.
පහුවදා හිමායා රතු වුණු දෑසින් යුතුව ඔෆිස් එකට ආවා. ඇය තමන්ගේ අස්වීමේ ලියුම සකස් කරගෙන, රන්දීර්ගේ මේසේ උඩින් තිබ්බා.
”හිමායා… මොකක්ද මේ ලියුම? ඇයි ඔයා එක පාරටම අස්වෙන්නේ? මොකක්ද වෙලා තියෙන්නේ?” රන්දීර් කලබලයෙන් පුටුවෙන් නැගිටලා ඇහුවා.
”සර්… අපේ අතරේ තිබ්බ ආදරේ හිස් සිහිනයක් විතරයි. මට සර්ව බඳින්න්න බැහැ. මගේ අම්මලා මට මගේ මට්ටමට ගැලපෙන වෙනත් කසාදයක් ලෑස්ති කරලා තියෙනවා. මං ඒකට කැමති වුණා. සර් කරුණාකරලා මට මගේ පාඩුවේ ජීවත් වෙන්න දෙන්න… මාව හෙන්න එපා…” හිමායා තමන්ගේ හදවත ගලක් කරගෙන, ඇස්වලින් වැටෙන්න ගිය කඳුළු බලෙන්ම පාලනය කරගෙන මහා බොරුවක් කිව්වා.
”බොරුවක් නොකියා හිටපන් හිමායා! මට බොරු කරන්න හදන්න එපා! මගේ අම්මා ඊයේ ඔයාගේ ගෙදරට ගියා නේද? අම්මා ඔයාටයි, ඔයාගේ පවුලේ අයටයි තර්ජනය කළා නේද? මං දන්නවා මගේ අම්මා ගැන!” රන්දීර් කෑගැහුවා.
”නෑ සර්! මැඩම් මට මුකුත් කිව්වේ නෑ! මටයි සල්ලිකාරයෝ එක්ක, ඔය වගේ ලොකු මාලිගාවල ජීවත් වෙන්න බය. මට මගේ නිදහස ඕන. මට යන්න දෙන්න සර්!” හිමායා තවදුරටත් දරාගත නොහැකිව අඬාගෙනම ඔෆිස් එකෙන් සදහටම දුවලා ගියා.
රන්දීර් එදා පිස්සෙක් වගේ ගෙදර ගියා. ඔහු තමන්ගේ අම්මා ඉදිරියට ගොස් මහා ලොකු රණ්ඩුවක් කරගත්තා.
”අම්මා හිමායාගේ ගෙදරට ගිහින් එයාට තර්ජනය කළා නේද?! ඇයි අම්මේ මගේ එකම සතුට, මගේ ජීවිතය වුණු ඒ කෙල්ලව මගෙන් උදුරා ගත්තේ? අම්මට සල්ලි විතරක් තියෙන මළමිනියක් වගේ ඉන්න පුතාද ඕන? හොඳයි… මං අදින් පස්සේ මේ අභිචාරක ගෙදර ඉන්නෙත් නෑ, අම්මා කියන කිසිම සල්ලිකාර කෙනෙක්ව බඳින්නෙත් නෑ!” රන්දීර් තමන්ගේ ඇඳුම් කිහිපයක් පමණක් බෑගයක දමාගෙන, නිවසින් පිටවී නගරයෙන් ඈත තිබූ පාළු, පැරණි නිවසකට පදිංචියට ගියා.
මාස තුනක් වැනි දීර්ඝ කාලයක් ගත වුණා. හිමායා වෙනත් කුඩා, සාමාන්‍ය ආයතනයක ඉතාමත් අඩු වැටුපකට වැඩ කලා. ඇය දිනපතාම රන්දීර්ව සිහිපත් කරමින් රහසින් කඳුළු සැලුවා. රන්දීර් හිමායාව හැමතැනම, හැම නගරයකම සෙව්වත් ඇයව සොයාගන්න ලැබුණේ නැහැ.
හිමායා නැති වුණු රන්දීර් කෑමක් බීමක් නැතුව, තමන්ගේ ශරීරය ගැන කිසිම සැලකිල්ලක් නොදක්වා, රැවුල වවාගෙන මහා පාලු කාමරයක පිස්සෙක් වගේ වුණා. කම්පැණි එකේ වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා, පාලුවට ගියා. ඔහු නිතරම හිමායාගේ පින්තූරයක් දෙස බලාගෙන හඬන්නට වුණා.
මේ හැමදේම, තමන්ගේ එකම පුතා දිනෙන් දින මියැදෙන ආකාරය මාලිනී ඈත සිට බලාගෙන හිටියා. තමන්ගේ එකම ලේ, එකම පුතා තමන්ගේ සල්ලි උන්මාදය නිසා විනාශ වෙනවා දැකලා මාලිනීගේ ගල් වුණු හිත ක්‍රමයෙන් උණුවෙන්න, බිඳෙන්න පටන් ගත්තා.
කොතරම් සල්ලි, දේපළ, යාන වාහන තිබ්බත් තමන්ගේ පුතාගේ මුහුණේ තිබුණු ඒ ලස්සන හිනාව නැති වුණාම, මවක් විදිහට තමන්ට ලැබෙන මොන සැපක්ද කියලා ඇයට අවසානයේදී තේරුම් ගියා. සල්ලිවලට වඩා මනුස්සකම සහ ආදරය වටිනා බව ඇය ප්රායෝගිකවම වටහාගත්තා.
දවසක් මාලිනී ඉතාමත් අපහසුවෙන් හිමායා වැඩ කරන ඒ කුඩා ආයතනය සොයාගෙන එතැනට ගියා. හිමායා මාලිනීව නැවතත් තමන් ඉදිරියේ දැකලා, තමන්ගේ පවුලට අනතුරක් කරයි කියා බය වුණා. හැබැයි මේ පාර මාලිනීගේ මුහුණේ තිබුණේ ආඩම්බරකමක් නෙවෙයි… මහා පසුතැවීමක්. ඇය හිමායා ඉස්සරහා දණගැහුවා!
”දුවේ… හිමායා… මගේ රත්තරන් දුවේ… අනේ මට සමාවෙන්න. මං සල්ලි සහ කුලය නිසා අන්ධ වෙලා, උමතු වෙලා හිටියේ… මගේ එකම පුතා දැන් ජීවිතයත් මරණයත් අතර පිස්සෙක් වගේ වෙලා කාමරයකට වී ඉන්නවා දුවේ. එයාට ජීවත් වෙන්න ඕන ඔයාව විතරයි… අනේ මගේ පුතාව මට බේරලා දීලා, මගේ ලේලි විදිහට මගේ ගෙදරට වරෙන් දුවේ…” මාලිනී හිමායාගේ කකුල් අල්ලාගෙන අඬමින් කිව්වා.
හිමායා පුදුමයෙන් ගල් ගැසුණා. ඇය වහාම මාලිනීවත් නැගිට්ටවලා, තමන්ගේ ආදරය වෙනුවෙන් රන්දීර් ඉන්න ඒ පාළු නිවස බලා දුවලා ගියා.
කාමරේ අඳුරේම, කිසිදු එළියක් නොමැතිව පුටුවකට වෙලා හිමායාගේ පින්තූරයක් අතින් ගෙන කල්පනා කරන, වැහැරී ගිය රන්දීර්ව හිමායා දැක්කා. හිමායාගේ පියවර හඬ ඇසී රන්දීර් හිස ඔසවා බැලුවා. එය සිහිනයක් කියා ඔහු සිතුවා.
”රන්දීර්…!”
හිමායා දුවලා ගිහින් රන්දීර්ව තදින් බදාගත්තා. රන්දීර් ඒ තමන්ගේ ජීවිතය බව වටහාගෙන, හිමායාව තමන්ගේ පපුවට තද කරලා බදාගත්තා. දෙදෙනාගේම ඇස්වලින් වසර ගණනාවක තනිකම, වේදනාව සෝදා හරිමින් සතුටු කඳුළු වැගිරුණා.
”හිමායා… මගේ හිමායා… ආයෙමත් මාව දාලා යන්න එපා රත්තරනේ… මං ඔයාට මගේ පණටත් වඩා ආදරෙයි…” රන්දීර් ඇගේ මුහුණ සිපගනිමින් කිව්වා.
ඒ වෙලාවේ මාලිනීත් සෙමින් ඒ කාමරය ඇතුළට ආවා. ඇය දෑස්වල කඳුළු පුරවාගෙන, රන්දීර්ගේ සහ හිමායාගේ අත් දෙක එකතු කළා.
මුලින්ම වෛරයෙන්, අපහාසයෙන් සහ නපුරුකම්වලින් පටන් ගත්තු ඒ ආදර කතාව, අවසානයේදී සමාජ තත්ත්වයන්, සල්ලි බලයන් සහ ආඩම්බරකාර හදවත් සියල්ලම ආදරයේ නාමයෙන් දිනාගෙන, හැමෝගෙම ආශිර්වාදය මැද ඉතාමත් ලස්සන විවාහයකින් සතුටින් කෙළවර් වුණා.
